01🚩 - ( ' 3')

2.4K 321 32
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

මහ මූසල බවකින් පිරිච්ච රැයක්...
දරාණිපාත වාර්ෂාවකුත් නොකඩවාම ඇද හැලෙනවා...
දකුණු කොරියාවෙ පාලු මාර්ගයක් දිගේ මධ්‍යම රාත්‍රී 12.35 ට පමණ උපරිම වේගයෙන් ධාවනය වන benz වර්ගයේ කළුපාට මෝටර් රථයක්....

👩 - " හිමීට යමුකො අනේ ... පොඩ්ඩක් speed එක අඩු කරන්න.."

👨 - " බය වෙන්න එපා love... මේ වෙලාවට වාහන යන්නෙ එන්නෙ නෑ මේ පාරෙන්... ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ටිකක් වේගෙන් drive කලාට...

අනික එන්න එන්න සීතලත් වැඩි වෙනවා මේ වැස්ස නිසා.. ඔයාටත් මහන්සි ඇතිනෙ... බබාටත් ඔහොම නිදාගන්න අමාරු ඇති... ඉතින් අපි ඉක්මනට ගෙදර යමු."

ඒ වාහනේ තුල හිටපු තරුණයා එහෙම කියලා ඔහුගේ ආදරණීය බිරිඳගේ අතකට හාදුවක් තිබ්බෙ ඔවුන්ගෙ රථයේ වේගය ටිකක්වත් අඩු නොකර...

ඒත් එයා දැනගෙන හිටිය නම් ඒක තමයි ඔහුට තම බිරිඳට දෙන්න පුළුවන් වෙන අවසන් හාදුව කියලා... එයා දැනගෙන හිටියනම් ඒ තමයි ඔවුන් දෙදෙනා ආදරෙන් ජීවත් වන අවසන් මොහොත කියලා... එයා දැනගෙන හිටිය නම් ඔවුන් මේ යන්නෙ ගෙදර නෙවෙයි මරු කටට කියලා...

ඊළඟ තප්පරේ ඔවුන්ගේ රථය ඉදිරියට ඇස් නිලන්කාර කරවන තරම් ලොකු එළියක් විහිදුවමින් වේගයෙන් ආවෙ විශාල ලොරි රථයක්...
ඒ මොහොතෙ අර තරුණයාට තමන්ගෙ වාහනේ වේගය පාලනය කරගන්න බැරි වුණ තැන ඔහු වාහනයේ සුක්කානම එක් පසකට වේගයෙන් කැරකෙව්වෙ ඒ ලොරි රථයත් එක්ක ඔහුගේ වාහනය ගැටෙන එක වලක්වන්න... ඒත් ඔහු දැක්කෙ නෑ ඔහු වාහනේ කැපුවෙ ලොකු කළු ගලක් තිබ්බ පැත්තකට කියලා.

දඩාස් 💥💥💥

මහ සද්දයක් නගමින් ඒ benz රථය ලොකු කළු ගලේ හැප්පෙද්දි අර ලොරි රථය එහෙම්මම තව ටිකක් ඉදිරියට ධාවනය වෙල ගිහින් නතර වුණා....

එහි සිටි තරුණයා ලේ පෙරාගෙන සුක්කානම මත වැටෙද්දි ඔහුගේ බිරිඳ තමන්ගෙ අත් අතර ගුලි වෙලා කෑ ගහල අඬන ඔවුන්ගෙ දරු පැටිය වෙනුවෙන් අමාරුවෙන් වුණත් කෑ ගහන්න ගත්තෙ ඇයටත් බරපතල ලෙස තුවාල වෙලා තියෙද්දි.

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Onde histórias criam vida. Descubra agora