එහෙම කියලා ජින් ගත්ත pink drink එකම එයා ලගින් ඒ ගෑනු ළමයා තිබ්බා. කලින් ඒ ගෑනු ළමයාගේ මූණවත් නොදැක්කට ඒ ගෑනු ළමයා හරිම හුරුබුහුටි. ලොකු ඇස්, ඉණ ගාවට තරම් දිග කොන්ඩෙන් එයාට ලස්සනක් ගෙනාවත් එයාගේ තොලට යටින් තියෙන උපන් ලපය නිසා එයාට ගෙනාවේ අමුතුම ලස්සනක්. ජින්ගේ විදිහට ඒ තමයි ජින් දැක්ක ලස්සනම ගෑනු ළමයා.

"අහ් ...මේ.. ම-''

"සන් ඉක්මනට එන්න අපිට පරක්කු වෙනවා."

ඒ ඇහුන ගැඹුරු කටහඩ හොදට හුරුපුරුදු වුනත් ජින්ට ඒ කාගෙද කියලා අදුරගන්න බැරි වුනා. ඒ පිරිමි ළමයා කෑගැහුවේ cafe එකේ entrance එක ගාව නිසා ඒ කවුද කියලා ජින්ට හරියට පෙනුනේ නෑ. ජින්ට ඔලුව නමලා ආචාර කරලා ඒ ගෑනු ළමයා entrance එක ලගට යද්දී ඒ පිරිමි ළමයා එයාගේ අතින් ඇදගෙන දුවද්දී  ඒ කවුද කියලා ජින් දැක්කා.

"තේහ්‍යුන් ?"

ජින් එයාගේ drink එක බීලා කාර් එකෙන් ආයේ ගෙදර යන මග දිගට හිතුවේ එයාට cafe එකේදී මුනගැහුන ගෑනු ළමයා ගැන. ඒත් ජින්ට මතක් වුනේ තේහ්‍යුන් එයාගේ අතින් අල්ලගෙන ගුවපු හැටි. ජින් කාර් එක drive කරගෙන ඉස්සරහට යනවත් එක්කම එකවරම break ගහලා නවත්තන්න වුනේ කාර් එක ඉස්සරහට ගෑනු ලමයා නිසා. ජින් හිටියේ වෙන කල්පනාවක නිසා ජින් දැක්කේ නෑ එයා පාර පනිනවා. එයාව දැක්කම ජින් පුදුම වුනේ එයාට cafe එකේ හම්බුන ගෑනු ලමයාම නිසා. ඒ ගෑණු ළමයත් බය වෙලා බලාගෙන හිටියේ තව ටිකෙන් එයාගේ ජීවිතේ මොන වගේ වෙයිද කියලා හිතලා. ඒත් ඒ ගෑනු ළමයාට ගොඩක් වෙලා එහෙම ඉන්න බැරි වුනේ වෙන පිරිමි ළමයෙක් ඇවිත් අතින් ඇදගෙන දුවපු නිසා. ඒතන තේහ්‍යුන් හිටියත් ඒ තේහ්‍යුන් නෙමෙයි. ජින්ට වැඩි වෙලාවක් ගියේ නෑ ඒ කවුද කියලා අදුරගන්න. මොකද ඒ තේහ්‍යුන්ගේ හොදම යාලුවා.

"ජිමින් ? Aish මට පිස්සු හැදීගෙන එනවද මේ කෙල්ල හැමතැනම ඉන්නවානේ."

ජින් ඒක ගැනම හිත හිතම ගෙදර ගියා.

"Eomma!! Taehyung තාම ගෙදර ආවේ නැද්ද?"

ජින් එයාගේ ඔම්මාගේ අගේ පොඩි එකෙක් වගේ එල්ලිලා අහද්දී ජින්ගේ ඔම්මාත් ජින්ව පොඩි එකෙක් වගේ හුරතල් කරා.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now