Sung-hee : ජි-ජින්
සන්හීට සේහුන්ගේ mansion එලියට යන්න කලින් ජිනව හම්බුනා. වෙනදා missionවලට ගියේ SJ වුනත්. මේ පාර එයා සේහුන් ලගට ඇවිත් තිබ්බේ ජින් විදිහට. සන්හී කලින් මැරිච්ච මිනිස්සු දෙන්නෙක්ගේ ඇග උඩින් පැනලා ආවේ ජින්, ජිමින් දෙන්නා මරපු අය. ඒ දෙන්නා විතරක් නෙමෙයි ඒ වෙද්දී mansion එක ඇතුලේ හිටපු හැමදෙනාම ඒ දෙන්නාගෙන් මැරුම් කාලා හිටියේ. මැරුම් කාපු අය අතරේ සේහුන්ගේ අප්පා, නම්ගිල්ත් හිටියා. මෙච්චර දෙයක් වෙලත් සේහුන්ට මේ කිසිම දෙයක් ඇහුනේ නැත්තේ සේහුන්ගේ room එක ඇතුලෙන් වගේම එලියෙනුත් soundproofed room එකක් නිසා.
Jin : ඇයි අඩන්නේ මොකද්ද වුනේ.
ජින් සන්හිගේ මූන පිරිමදිමින් ඇහුවත් සන්හී කරේ අඩ අඩාම ජින්ට තුරුල් වෙච්චි එක.
Jin : බබා ඔයා ඔහොම අඩද්දී මට බය හිතෙනවා කෝ මොනවා හරි කියන්න.
ජින් එයාගෙන් සන්හිව ඈත් කරලා සන්හීගේ කදුලු පිහදැම්මා.
Sung-hee : ජින් එයා එ-යා කියනවා මේ.. මේ.. මේ වුන හැ-හැම දේකටම.. වග.. වග කියන්න ඕනේ අ-අප්පා කියලා. ඊ-ඊට පස්සේ එයා.. එයා.. එයා මාව...
එහෙම කියලා සන්හී ජින්ට තුරුල් වෙද්දී ජින්ගේ ඇස් තරහින් රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
Jin : ජිමින් සන්හීව දැම්ම මෙතනින් එක්කගෙන තේහ්‍යුන්, ජන්කුක් ඉන්න තැනට යනවා. මං සේහුන් එක්ක මේක බලාගන්නම්.
Jimin : ඒත් hyung තනියෙම. ඒක dangerous. මාත් එන්නම්.
Jin : Park Jimin !!!
ජින්ගේ ඉවසීමේ සීමාව පැනලා කියලා ජිමින්ට තේරුන නිසා එයා ඔලුව වනලා බිම බලාගත්තා. ඒ ගමන්ම ජින් සන්හීගේ නලලට kiss එකක් දීලා සන්හිව තද කරලා බදාගත්තා.
Jin : සරන්හේ සන්හී
සන්හී ටිකක් වෙලා ජින් දිහා බලාගෙන හිටියේ මෙච්චර කල් එයා ජින් එක්ක එකට හිටියට ජින් එයාගේ ආදරේ කවදාවත් වචනෙන් ප්‍රකාශ කරලා තිබ්බේ නැති නිසා.
Sung-hee : ජින්..
Jin : එක පාරක් ඒ වචනේ මටත් ඇහෙන්න කියන්න.
Sung-hee : නාදෝ.. නාදෝ නෝමු සරන්හේ. පොරොන්දු වෙන්න ආයෙත් ඉක්මනට එනවා කියලා.