CHAPTER 12🤍

372 92 9
                                    

ජිමින් සන්හීත් එක්ක රණ්ඩු වෙලා bar එකට ගියේ එයාගේ අවුල් ජාලයක් වෙලා තිබ්බ මනස නිදහස් කරගන්න. ආපු වෙලාවේ ඉදන් මත්පැන් තොල ගෑවට, ජිමින් පොඩ්ඩක්වත් මත් වෙලා හිටියේ නෑ. ඒ ට්ගරනට ජිමින්ට alcohol පුරුදුයි. ජිමින්ට නිතරම එයාගෙන් ඈත් වුන හැම කෙනාම මතකෙට ආවා. ඒ අතරේ එයා කල්පනා කරේ සන්හීව මේ උගුලෙන් බේරගන්නේ කොහොමද කියලා. එතන හිටියා ඇති කියලා හිතුන නිසා ජිමින් එතනින් නැගිටලා එයාගේ කාර් එක තිබ්බ තැනට ගියා

Mi-rae : Hi Jimin

Jimin : Ah- ah hey

Mi-re jimin එක්ක හොදින් කතා කරත් ජිමින් නම් මිරේ එක්ක කතා කරද්දී ගොඩක් ලැජ්ජා වුනා. මොකද කිව්වොත් ජිමින්ගේ හැමවෙලේම හිතේ තිබ්බේ එයා මිරේට කරේ වැරැද්දක් කියලා. මිරේ කියන්නේ ජිමින්, සන්හී ඒ වගේම ටේ එක්ක පුංචිම කාලේ ඉදන් එකට හිටපු යාලුවෝ. කාලෙත් එක්කම මෙයාලා තරුණ වයසට එද්දී මිරේගේ හිත ජිමින්ට ඇදිලා ගියේ එයාටත් නොදැනීමයි. ඒත් ජිමින් ආදරේ කරේ සුන්හීට. මිරේ ඒක දැනගෙන හිටියත් ඒ කිසිම වෙලාවක ඒ දෙන්නට හරස් වෙන්න එයා හිතුවේ නෑ. ඒ වගේම ජිමිනුත් දැනගෙන හිටියා මිරේ එයාට ආදරේ කරනවා කියලා. සුන්හීගේ මරණෙන් පස්සේ ජිමින් මත් පැන්වලට ඇබ්බැහි වුනා. මිරේගේ කීම නිසාමයි ජිමින් හිටපු තත්ත්වයටම ආවේ. මිරේට ජිමින් ගැන තිබ්බ ආදරේ ජිම්න් දැක්ක නිසාත්, ජිමින්ට සුන්හීව අමතක කරන්න ඕනේ නිසාත් ජිමින් කරේ මිරේට අවස්ථාවක් දීපු එක. ඒත් කොයිම වෙලාවකදීවත් ජිමින්ට මිරේට ආදරේ කරන්න බැරි වුනා. ඒ හැමවෙලේම එයාගේ ඔලුවේ හිටියේ සුන්හී. ඒ නිසා මිරේගේ දැඩි අකමැත්තත් එක්කම ජිමින් එයාගෙයි මිරේගෙයි අතරේ තිබ්බ සම්බන්දේ නැවැත්තුවා. මිරේ ආයේ ජිමින්ට ලං වෙන්න හැදුවත් ජිමින් මිරේව මග හැරියා. මිරේ පස්සේ university යන්න america ගියා. ඒත් ජිමින් ගොඩක් පසු තැවුනා එයා මිරේව රැවට්ටුවා කියලා.

Jimin : තනියෙන්ද ආවේ?

Mi-rae : අහ් දේ. මං ඉතින් කාත් එක්ක එන්නද

Jimin ; Clubවලට තනියෙන් එන්න එපා මිරේ

Mi - rae : හ්ම්ම්ම්

Jimin : කවද්ද korea ආවේ

Mi-rae : පෙරේදා. අප්පා මට marriage එකක් arrange කරලා. ඒ නිසා මං  ආයේ ආවේ.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now