CHAPTER 15🤍

367 87 16
                                    

ඉරිදා දවසක් වුන නිසා සන්හී වගේම ජන්කුක්ටත් office එකේ නිවාඩු දවසක්. සාමාන්‍යයෙන් company එකක co-workersලා ඇරෙන්න department headsලා වගේම CEOලත් ඉරිදට නිවාඩු. ජන්කුක් නම් නිවාඩුවක් එන්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නේ වෙන දෙයකට නෙමෙයි video games ගහන්න. ඒත් සන්හීට නම් ඒ දවසටත් වැඩ. කොච්චර සල්ලි තිබ්බත් Mrs. Jeon ඉන්න කාලේ උනත් එයාලා servant කෙනෙක් ගන්න කැමති වුනේ නෑ. තමන්ගේ වැඩ තමන්ම කරගන්න ඕනේ කියලා තමා එයාලා හිතුවේ. ඒ නිසා සන්හීට වුනත් ඒක කරදරයක් වුනේ නෑ. මොකද එයත් පොඩි කාලේ ඉදන් මේ විදිහට හැඩගහිලා හිටියා.

සන්හී උදෙම්ම නැගිටලා ජන්කුක්ටත් තේ එක හදාගෙන ජන්කුක්ගේ room එකට ගියා. ජන්කුක් ඉන්න විදිහ ගැන එයා පුදුම වුනේ නෑ. ජන්කුක් ඉරිදා උදේට හැමදාම මෙහෙමයි.

සන්හී යද්දී ජන්කුක් නිදි කියලා නේ හිතුවේ?

නෑ එයා ඇහරලා....

Computer එක ඉස්සරට වෙලා game ගහනවා....

තේ එක computer stand එක උඩින් තියලා සන්හී ටිකක් ජන්කුක්ගේ මූන දිහා බලන් හිටියා. ජන්කුක්ට නම් ඒ ගානත් නෑ. එයා එයාගේ වැඩ.

Sung-hee : Yaahhh කුකී ඊයේ රෑත් නිදාගත්තේ නැද්ද??

...

Sung-hee : Yahhh kook කන්දෙක ඇහෙන්නේ නැද්ද???

...

Sung-hee : Jeon jungkook !!!!

Kook : ඇයි noona කෑගහන්නේ මට කන් ඇහෙනවා.... Aish බලන්නවා කරපු වැඩෙන් මං මැරුනා.

ජන්කුක් කියන එක ගනන් ගන්නේ නැතුව සන්හී computer screen එකට එබුනා.

Sung-hee : කාත් එක්කද ඔයා මේ game play කරන්නේ???  Chimmy? අහ් ඔය ඉන්නේ ජිමිනුත්... එතකොට Ta- මොකක්??  TaTa Mic?? කවුද TaTa Mic කියන්නේ??

kook : අහ්හ් අපේ taetae hyung

Sung-hee : TaTa mic වෙන නමක් නැද්ද taeට දාගන්න. ඔක්කොමලා එකයි. ඕක පැත්තකින් දාලා මේ room එක අස් කරගන්නවා. බලනවා හැටි.

සන්හී කෑගහන කාමරෙන් එලියට ගියත් ජන්කුක්ට ඒක ඇහුනේ නෑ.

පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගෙදර තිබ්බ හැම වැඩක්ම ඉවර කරලා සන්හී ආයෙත් ජන්කුක්ගේ room එකට ගියා.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now