Jk-" ආහ්.. දැං මේක බොන්න "

jungkook , Taehyungගේ අතට සිරප් එක දුන්නා.

TH-" Baby මේවා ඕනේ නෑ...*cough* මේ කැස්ස අඩු වෙලා යයි...."

Jk-" හ්‍යුන්ග් මේක බොන්න...
ලෙඩ ඉබේටම ඉක්මනින්ම හොද වෙනව නම් බෙහෙත් ඕන් නෑනේ.....
බෙහෙත් කියලා ජාතියක් හදන් නෑනේ"

TH-" ඒක තමා මාත් කියන්නේ *cough* බෙහෙත් කියලා ජාතියක් එපා "

Jk-" හ්‍යුන්ග් පොඩි ලමයෙක් නෙමේ ඔයා..... ඒ හින්දා බොන්න.
ඉක්මනින් අඩු වෙයි "

TH-" J..jungkook ssi... *cough * ඕවා තිත්තයි..... "

Jk-" මේක තිත්ත නෑ...... "

TH-" jungkook ssi ඔයා බොරු කියන්න එපා... ඕවා තිත්තයි...
*cough *
මං ආස නෑ ඕවා බොන්න "

Jk-" please හ්‍යුන්ග් ..... බොන්න...
මේක තිත්ත නෑ "

TH-" මට ආදරේ නම් *cough * ඕවා පොවන්න එපා... ඕවා තිත්තයි "

Jk-" මං පොරොන්දු වෙනවා මේක තිත්ත නෑ කියලා "

TH-" මට බෑ....... "

Jk-" දැං බොන්න බැරිද ? "

TH-" please baby මාව තේරුම්ග~~~"

Taehyung කතා කර කර හිටපු එක නැවතුනේ එක පාරම jungkook ,
Taehyungට ගෙනාව සිරප් එක බොන්න ගත්ත හින්දයි.

TH-" Jungkook ssi ? "

Taehyung ඇස් ලොකු කරන් පුදුමෙන් කතා කරේ jungkook සිරප් එක කටේ පුරව ගත්ත හින්දයි .

TH-" b..bab~~~~"

Jungkook , එකපාරම taehyungගේ බෙල්ලේ පිටපසින් අත තියලා taehyungගේ මූණ එයාගේ මූනට ලං කරලා තොල් එකිනෙක මතින් තියලා jungkookගේ කටේ පුරව ගත්ත සිරප් එයාගේ තොල් අතරින් taehyungගේ මුව තුලට යැව්ව හින්දයි.

Jungkook එයාගේ ඇස් පියාගෙන taehyungගේ තොල් අතරින් සිරප් taehyungගේ මුව තුලට යැව්වා . Taehyung තවමත් jungkookගේ ඉනෙන් අල්ලන් jungkookගේ තොල් අතරින් එන සිරප් බොන්න ගත්තේ පිපාසයෙන් වගේ.....
සිරප් ඉවර උනාට පස්සේ jungkook ආයෙත් එයාගේ තොල් ආපස්සට ගන්න ලෑස්ති උනත් taehyung තවම ලෑස්ති නෑ. ඒත් jungkook තොල් ඉවතට ගත්තා.

TH-" තව සිරප් නැද්ද ? "

Taehyung හිනාවෙලා විහිලුවට වගේ ඇහුවත් jungkookගේ ඇස් වල තිබුනේ කදුලු.... jungkookගේ ඇස් වල කදුලු පිරිලා තියෙන්නේ ඇයි කියලා taehyungට තේරුන් නෑ.

I met youWhere stories live. Discover now