Chapter 15

1.6K 344 44
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


______________________________________

එකපාරම මොකක් හරි බිම වැටෙන සද්දයක් ඇහිලා jeon ඇහැරුනා, එතකොටත් වටපිටාව කලුවරයි. පාන්දරද රෑද කියලා දන්නෙත් නැති අතරමැදි වෙලාවක්. කැප්ටන් තවමත් එයාව තුරුලු කරන් නෑ වගේ තේරුන හින්දා jeon නිදිමතේම එයාගේ අත දිගු කරලා බැලුවා. ඒත් කැප්ටන් ඇදේ එහා පැත්තේ හිටියේ නෑ...

ඔව්. Jeon දැං රෑට නිදා ගන්නේ කැප්ටන්ගේ නිදන කුටියේ,
ඒ සිදුවීම වෙලා මාස දෙකක් ගෙවිලා ගිහින් , කැප්ටන්ගේ වෙඩි වැදුන තුවාලය හොදයි. ඒත් එදයින් පස්සේ jeon හැම රෑම කැප්ටන් එක්ක කැප්ටන් එක්ක නිදාගන්න පුරුදු උනා.

උදේ ඉදන් වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ එක්ක කාර්‍යබහුල වෙන jeon හවස් වරුව වෙනකොට නිදහසක් දැනෙන්නේ,
කැප්ටන් එයාගේ සෙබලු එක්ක , එයාට නිදහසක් ලැබුන වෙලාවට නැගෙනහිර කූඩාරම පැත්තට ගියත්, jeon එක්ක කතා කරන්න තරම් වෙලාවක් අවස්තාවක් ලැබෙන් නෑ.

කැප්ටන් රෑට jeonගේ කූඩාරමට ගිහින් jeonව රෑට ඇල්ලට එක්කන් යනවා,
එදා මාස දෙකකට කලින් කැප්ටන් jeon ඇල්ලෙ නානවා දැක්ක දවසේ ඉදන් බය උනා ඒ වගේ වෙන කවුරු හරි jeon දිහා බලන් හිටියොත් කියලා  , ඒ හින්දා හැමදාම jeonට නාන්න කියලා කැප්ටන් වටපිට පරීක්ෂා කරනවා, කවුරු හරි එයිද කියලා අවදානෙන් ඉන්නේ,

ඒත් කැප්ටන් කිසිම වෙලාවක හොරෙන් jeon නාන දිහා බලන්නවත් , jeon ඇදුම් මාරු කරනවා බලන්නවත් උත්සහ කරේ නෑ.
මොකද කැප්ටන් දන්නවා එයා ඒ වගේ අවස්තාවක jeonව දැක්කොත් ආයෙත් නරකම දේ....... වෙනවා කියලා,
ඒ හින්දා කැප්ටන් තමන් පාලනේ කරන් අවදානේ වටපිටාවට දීලා ඉන්නවා,

I met youWhere stories live. Discover now