Jungkook ඒ ලියුම අරන් තදින් පපුවට තියලා මිරික ගත්තා.

' මං ඔයාට ගොඩක් කැමතී මගෙ blossom මල ' ඒ ලියුමේ අවසාන වගන්තිය තිබ්බේ එහෙමයි.

Jungkookගේ පපුවේ ගැස්ම වැඩි වෙනවත් එක්කම දණිස් පණ නැතුව ගිහින් ඉබේටම එයාව බිම වාඩි උනා.
Jungkook අඩන්න ගත්තේ දුකටද  , සතුටටද කියලා jungkookටවත් තේරුන් නෑ. අවුරුදු ගානක් තිස්සේ නැති උන දෙයක් හම්බුනා, එයා අවසානේ එයාට උරුම හරි තැන නැවතුනා, ඒ හේතු වලට සතුටක් දැනුනත් එයාට කියාගන්න තේරෙන් නැති අමුතු දුකක් දැනෙන්න ගත්තා.
Jungkookට අමුතු බයක් දැනෙන්න ගත්තා.

' හ්..හ්‍යු-න්ග්   ඒ   ඔ-යාද,  ඒ  ඔයාම-ද,  ඒ අ..අපේ   කතා-වද ?   මට   කි-යන්න දෙවි-යනේ   ඒ    එත-කොට    අපිද ,   නෑ අපි-ට  අපිට... එහෙ-ම   වෙ-න්න    බෑ, අපි   දෙන්නට    එ-හෙම   වෙන්-න බෑ හ්‍යු-න්ග්...   කැප්ටන්,  ඒ  ඔ-යාමයි.
ඔයා  පො-රොන්දු  උන  විදි-යට  ආයේ ඇවි-ත්  ආයේ  මං  ගාව-ට   ඇවි-ත්,
හ්‍යුන්-ග්   ඔයා   ත-මා   කැප්-ටන්  මට විශ්වාස-යි.  කැ-ප්ටන්ගේ  blossom මල මං... හ්‍යුන්-ග්  ඔයා-ගේ  b..blossom  මල මං, ඒ අපි  දෙන්-නමයි  හ්‍යුන්ග් ....
ආයෙත් ඇවිත්, අපි දෙ-න්නා ආයෙත් ඇවි-ත්..... "

Jungkook ඉකි ගගහා අඩන්න ගත්තා,
Jungkook කැප්ටන්ගේ ගති ලක්ෂණ ගොඩක් taehyungගෙන් දැක්කත් එයාට ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ මේ ඉන්නේ කැප්ටන්මද ? එයා jeonමද කියලා, මොකද පෙරභවයක් ගෙන විශ්වාස කරන සමාජෙක නෙමේ එයාලා හිටියේ, ඒත් jungkookට දැනුනා.
එයාට දැනුනා ගොඩක් දේවල් වල හුරුපුරුදු ගතියක්,
ගොඩක් අය දකින වාරයක් ගානේ වේදනාවක් වගේම ඒ සිදුවීම් අතීතේ සිද්ද වෙලා තියනවා වගේ මතකයක්,

එයා ලගින් ඉන්න jimin එක්ක තිබ්බ බැදීම, ඒක ආත්ම ගානක් වගේ දැනුනා,
ඒ වගේම suga.
එයා, sugaගෙන් ලුතිනන් yoongiගේ ගති ලක්ෂණ දැක්කා.
ලුතිනන් yoongi , කැප්ටන් ලගින් හිටපු විදිය, කැප්ටන්ට උදව් කරපු විදිය ඒ දෙන්නගේ බැදීම suga-taehyung දෙන්නගෙන් දැක්කා.
ඒ වගේම professor hoseok දැක්ක පලවෙනි දවසෙම එයාට hoseok එක්ක කියන්න තේරෙන් නැති අමුතු බැදීමක් දැනුනා...
Hyungsoo දැකපු පලවෙනි දවසේ මෙයාව මීට කලින් හම්බෙලා තියනවා වගේ දැනුනා, සෝල්ජර් hyungsik ඩොක්ටර් jeonගෙන උනන්දු වෙනවා වගේම hyungsoo , එයා ගෙන ගොඩක් උනන්දුයි වගේ දැනුනා.
sung-joo ,Taehyungගේ අප්පා උනත් නොදැනුවත්වම හරි sung-joo taehyungගේ ලමා කාලය නැති කරා.
ඒ වගේම දැං එයා taehyungව තමන්ගේ වාසියට පාවිච්චි කරනවා,
කිසිම අප්පෙක් තමන්ගේ දරුවන්ට එහෙම කරන් නෑ, ඒත් sung-joo taehyungව පාවිච්චි කරන්නේ තමන්ගේ ඕන එපාකම් වලට, හරියට ජෙනරාල් වගේ, ජෙනරාල් කැප්ටන් කිම්ව පාවිච්චි කරේ තමන්ගේ වැඩ වලට,එයාට taehyungගේ අප්පාගේ මේ වැඩ ජෙනරාල්ව මතක් කරා.
ඒ වගේම jenn දැකපු දවසේ එයාට අමුතු බයක් දැනුනා. ඉරිසියාවක් නෙමේ ඒක බයක්...

I met youWhere stories live. Discover now