නික්මයාම...

241 37 176
                                    

කතාව මතකද ඔයාලට? නැත්තන් කලින් කොටස කියෝලා එන්න... අදනම් කමෙන්ට් ගොඩාක් ඔිනෙ! ගොඩ කාලෙකින් නිසා... හී...

____________________

Jimin POV

"ඒ කියන්නේ අපි ද දැන් එතකොට ටාටරස්ව ආපහු නින්දට යවන්න ඔිනේ?" මම ඇහුවේ මට තේරුණ විදිහට.

"ඔව් ජිමින්. ඒත්, ඔයාලට මං කියපු දේවල් තේරුනාද?" සීයා ඇහුවේ අපි ඒ දේවල් අහලා පුදුම නොවුණ නිසා වෙන්නැති. ඔව් තවදුරටත් මේ අහන දකින දේවල්වලින් අපි පුදුමයට පත් වුණේ නෑ.

"ඔව් සීයා. ඔය කියන පරම්පරා පහෙන් තමයි අපි පැවතගෙන එන්නේ? එහෙම නේද? හරියට මගේ ඇඟේ දුවන්නේ පාක්, ලී සහ චෝයි පවුල්වල ලේ වග‌ේ, ටේගේ ඇඟේ දුවන්නේ කිම්, ලී, චෝයි පවුල්වල ලේ වගේ, එතකොට කුකීගේ ඇඟේ ජියොන්, ලී, චෝයි පවුල්වල ලේ දුවනවා වගේ. අපිත් පැවතගෙන එන්නේ ඒ බලවත් උපදෙවි පරම්පරාවලින්. මං හරි නේද? එතකොට ඒ උරුමය අනුව ගිහින් දැන් අපිට තමයි පළිඟුව නැවත සම්පූර්ණ කරලා ටාටරස්ව පරද්දන්න වෙන්නේ?" මම කිව්වේ සීයා මේ තරම් වෙලාවක් පැහැදිලි කරපු දේවල් ඔක්කොම සසඳලා බලලා.

"හරියටම හරි ජිමින්. ඔයාලා දැන් පොඩි ළමයි නෙවෙයි. ඒ වගේම අපේ මුතුන් මිත්තොත් ඒ කාලෙ ඔයාලා වගේම පොඩි ළමයි තමයි. මං හිතනවා ඔයාලා මේක කරයි කියලා. පළිඟුවේ අතුරුදහන් වුණ කොටස ආපහු හොයාගෙන නැවතත් නැතිවුණ ශක්තිය එක්තැන් කරන්න. ඉන්පස්සේ ටාටරස්ව පරද්දන්න පුළුවනි. පළිඟුවට කරන්න බැරි දෙයක් නෑ. ඒ වගේම අපි දැන් වයසයි. ඔයාලාට පුළුවන් විදිහට අපි උදව් කරනවා දරුවෝ. මට සමාවෙන්න, ඒත් අකමැත්තෙන් වුණත් මට ඔයාලට බල කරන්න වෙනවා මේක කරන්න කියලා. නැත්තන් මේ මුළු ලෝකෙම ආයෙත් සැරයක් විනාශ වෙයි." සීයා නැවත පැහැදිලි කලේ ආචඤ්චිගේ මුහුණ දිහාත් වරින් වර බලන ගමන්.

"ඒ වගේම ඔයාලගෙ දෙමව්පියොත් මේ වෙන දේවල් ගැන ගොඩක් ආඩම්බර වෙයි දරුවෝ." ආච්චිත් හිනාවෙලා එහෙම කියනකොට ජිමින්, ටේ, ජන්ග්කුක් තුන්දෙනත් පෙරලා හිනාවුණේ මොනවා වුණත් එකට ඉන්නවා කියලා හිතාගෙන.

"ඒත්, අපි කොහොමද පළිඟුවේ ඉතුරු කොටස හොයාගන්නේ? ඒක තියෙන තැනක් ඔයාලා කවුරු හරි දන්නවද?" ටේ ඇහුවේ ප්‍රශ්නාත්මකව.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Feb 16, 2022 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Hikayelerin yaşadığı yer. Şimdi keşfedin