දහඅට වංගුව සහ ඉවසීමේ සීමාව...

211 57 18
                                    

Taehyung POV:

අපි තුන්දෙනාගේ පළවෙනි මිශන් එක වුණේ ප්‍රින්සිපල් ගේ ඔෆිස් එක හොයාගන්න එක. කොහොමහරි දහපහළොස් දෙනෙක්ගෙන් අහලා තැන අහගත්තා. ඒ තැන හොයාගන්න පුදුම අමාරුවක් තිබුණේ. මේ ඉස්කෝලේ කොරිඩෝවල තියෙන වංගුවල හැටියට ඒක කොහොමත් අමාරුයි. අඩුම තරමේ අපි අහපු ළමයින්ටවත් හරියට තැන කියාගන්න අමාරුවුණා. 

______Flashback______

ඈතින් අපේ වයසේ වගේ පෙනුන පිරිමි ළමයෙක් එනවා දැකලා අපි තීරණය කළා එයාගෙන් තැන අහන්න.

ජිමින්: මේ... Excuse me, අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක කොහෙද කියලා?

ළමයා: ආහ්! ඒකද? ඔය ඉස්සරහින් තියෙන කොරිඩෝවෙන් වමට හැරිලා ටික දුරක් ගිහින් ආයෙත් වමට හැරිලා කෙලින්ම යන්න. ඊළගට හම්බවෙන දෙවෙනි මංසන්ධියෙන් කෙලින්ම- ආ නෑ නෑ දකුණට හැරෙන්න. ඊට පස්සේ ඒ කොරිඩෝව දිගේ දිගටම යනකොට තව හතරමංහන්දියක් හම්බවෙනවා. එතැනින් ආයෙත් වමට හැරිලා  එතැනින් තියෙන පඩිපෙළ නැගලා කෙලින්ම ගියාම තියෙන කොරිඩෝ එකේ පළවෙනි රූම් එක තමයි තැන. 

 (A/N - ඒ කියපු කතාව මේ ඕතර්ටවත් තේරුණේ නෑ🤧 )

දෙයියනේ! ඒ කියපු පාරේ යනවට වඩා ලේසියි කොරියාවේ ඉදන් ඇමරිකාවටම පයින් ගිහින් එනවා. දහඅට වංගුවේ යන එකවත් මෙච්චර අමාරු නැතුව ඇති.😩😅

ජිමින්: හරි ස්තූතියි. අපි ගිහින් එන්නම්. 

එහෙම කියලා අපි යන්න හැරුණා.

ළමයා: ආහ්...මේ පොඩ්ඩක් ඉන්න. මං ඔයාලට කියපු පාර ගැන මට හරියටම ශුවර් නෑ. මොකද මමත් මේ ඉස්කොලෙට ඇවිල්ලා තාම ටික දවසයි. අනික ඒ පාර මතක තියාගන්නත් හරි අමාරුයි. ඒ නිසා ඔයාලා යන පාර වැරදුණොත් එහෙම මට වගකීම ගන්නනම් බෑ ඔන්න.

ඒ ළමයා මූණ දෙක කරගෙන කියනකොට මම හිනාව නවත්තගෙන හිටියේ බොහොම අමාරුවෙන්. එයා හිටියේ නිකන් අඬන්න වගේ.

ජිමින්: හරි හරි ඔයාට මොකුත් කියන්නෑ. ඔයා බයවෙන්න එපා.

______Flashback end______

අපි එහෙම කියලා එයා කියපු විදිහට ටික දුරක් ගිහින් තව කීප දෙනෙක්ගෙන් පාර අහගෙන ඔෆිස් එකට ගියා. එතනට යනකොට අපේ හොද පණ ගිහින්.😰

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Where stories live. Discover now