පළවෙනි උරුමකරුවා...

148 42 56
                                    

Percy POV:

අපි ඉන්ටවල් එක ලැබුන ගමන්ම වගේ කැන්ටින් එකට ආවා. එතන අපි හැමෝටම හරියන විදිහේ මේසයක් හොයාගෙන අපි ඉඳගත්තේ ලොකු සාකච්ඡාවකට මුල පුරමින්.ඇත්තටම දැන් අපේ ප්‍රධානම අරමුණ තමයි අර කොල්ලෝ පස් දෙනාව හොයාගන්න එක. අපි එයාලා ඉන්න පන්තිවලට ගියා තමයි. ඒත් අපිට ඒ කට්ටිය කවුද කියලා තාම හොයාගන්න බැරිවුණානේ. 

මේ ඉස්කෝලේ පළවෙනි දවසනම් සෑහෙන්න හොඳයි. කලින් ඉස්කෝලවලනම් පළවෙනි දවසේ ඉඳලම බාල්දි පෙරළගන්නවනේ මම. සමහර වෙලාවටනම් ගේට්ටුවට ඇතුල්වුණ වෙලාවේ ඉඳන් ප්‍රශ්න. මතකද අර ගුඩ් උසස් පාසලේ චියර්ලීඩර්ස්ලා ටික? ‌මට ඉස්කෝලෙක ගේට්ටුවක් දකින දකින වාරයක් පාසා මතක් වෙන්නේ ඒ වැම්පයර් කෙල්ලෝ ටික. අනේ මන්දා. අපි ආයෙත් කතාවට එමු දැන්.

" මේ කට්ටිය, ඒක දැන් අපි කොහොමද මෙයාලා හොයාගන්නේ?" ජේසන් ඇහුවේ අපි මේසෙන් ඉඳගත්තට පස්සේ.

" ඔව් අපි පුළුවන් ඉක්මනටඒ එයාලව හොයාගන්න ඔ්නේ. ඒත් ඒ ගැන කතාකරන්න ෆ්‍රෑන්ක්යි හේසලුයි එනකන් ටිකක් ඉන්න වෙනවා." ඇනබෙත් කිවම්වේ ඒ වෙනකොට තාමත් ඒ දෙන්නා ඇවිත් හිටියේ නැති නිසා. 

" නම්ජූන්, ඔයාට මතකද අර ග්‍රෝවර් කියපු ළමයින්ගේ නම්?" ඇනබෙත් ඇහුවා.

" ඔව් මට මතකයි. උරුමකරුවෝ තුන් දෙනා තමයි පාක් ජිමින්, කිම් ටේහ්‍යුන්ග් සහ ජියොන් ජන්ග්කුක්. තව ඉන්නවා කියපු උපදෙවිවරු දෙන්නා තමයි මින් යූන්ගි සහ ජන්ග් හෝසොක්. එහෙම තමයි මට මතක" නම්ජූන් අවසන් කළා.

" ස්තූතියි. කොහොම හරි මෙයාලගෙන් හතර දෙනෙක්ම අපේ පන්තියේ තමයි ඉන්නේ. අනිත් එක්කෙනා-" ඇනබෙත් කියන්න ගිහින් නතර කළේ ෆ්‍රෑන්ක් සහ හේසල් එතනට ආපු නිසා.

" හලෝ,ඇයි ඔයාලා එන්න මෙච්චර පරක්කු වුණේ?" මම ඇහුවා.

" සොරි, ඒත් අපිට කියන්න වැදගත් දෙයක් තියෙනවා. ගොඩක් වැදගත් දෙයක්. අපේ පන්තියේ ඉන්නවා කියපු අර කොල්ලව- ජියොන් ජන්ග්කුක් ව හොයාගත්තා." ෆ්‍රෑන්ක් කිව්වා.

"මොකක්! ඒ කියන්නේ ඔයාලා ජියොන් ජන්ග්කුක්ව හොයාගත්තද? කෝ දැන් එයා?" ජින් ඇහුවේ අපි හැමෝම වගේ කලබලයෙන්.

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Where stories live. Discover now