තවත් අලුත් ළමයි...?

209 49 75
                                    

Taehyung POV:

පහුවදාත් සුපුරුදු පරිදි අපි ඉස්කෝලේ ගියා. යන පාර දිගටත් මට කෙඳිරි ගාන්න වුණේ කොන්දේ අමාරුවක් කොහෙත්ම එක දවසකින් හොද වෙන්නේ නැති නිසා. කිව්වත් වගේ ම ජිමිනා පළිය ගත්තා. ඒ වුණාට ඉතින් මං ආය මොකුත් කියන්න ගියේ නෑ එයාට . ( එයාට බයේ නෙමෙයි හරිද. මොනා වුණත් මං කරපු වැඩෙත් වැරදියිනේ. )

හොබීයි යූන්ගියි අපි යනකොට පන්තියට ඇවිල්ලා හිටියා. අපිත් එයාලත් එක්ක කතාවක් දාගෙනම ඉස්කෝලේ පටන් ගන්නකන් ආතල් එකේ හිටියා. එයාලා කිව්වට ඉතින් ඇත්තටම කිව්වොත් හොබී විතරයි. යූන්ගි ඉතින් නිදාගත්තා.

ඉස්කෝලේ පටන්ගත්තට පස්සේ සර් පන්තියට ආවේ ටිකක් පරක්කු වෙලා. තනියම නෙවෙයි තවත් ළමයි කට්ටියක් එක්ක. එතන මං හිතන්නේ ළමයි 6 දෙනෙක් හිටියා. පිරිමි ළමයි හතරදෙනෙකුයි ගැහැණු ළමයි දෙන්නෙකුයි. දෙන්නෙක් නම් කොරියන් වගේ අනිත් හතරදෙනාම වෙන රටක වගේ තමයි පෙනුණේ.

ඔව් එයාලා අලුත් ළමයි තමයි. සර් අපිට කිව්වා වගේම එයාලටත් එයාලා ගැන විස්තර කරන්න කිවුවා.

පළවෙනියටම කොරියන් කියලා හිතපු කොල්ලෙක් ඉස්සරහට ආවා. එයාට ටිකක් සැර පාට පෙනුමක් තිබුණේ. ඒ වගේම එයාගෙන් නිකන් මොළ ගෙනියන නැවක් ගිලලා වගේ පෙනුමකුත් දකින්න ලැබුණා. එයා කතා කරන්න පටන් ගත්තා. මගේ අනුමානේ හරි. ඔය කතාකරන්නේ කොරියන් වලින්ම.

"Anneyonghoseyo, කොහොමද හැමෝටම. මගේ නම කිම් නම්ජුන්. ඔයාලත් එක්ක එකට ඉගෙනගන්න ලැබෙන එක ගැන සතුටුයි."

ඒ කොල්ලා එහෙම කියලා පිටිපස්සට ගියා. ඊට පස්සේ ඊළග කොරියන් කොල්ලාත් ඉස්සරහට ආවා.

" Anneyonghoseyo, කොහොමද... මම කිම් සොක්ජින්. ඔයාලාව මුණගැහෙන්න ලැබුණට සතුටුයි. මම හිතනවා අපිට සහයෝගෙන් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා."

ඊට පස්සේ අර පිටරට කොල්ලෙක් ඉස්සරහට ආවා. එයාගේ ඇස් අසාමාන්‍ය විදිහට මුහුදු කොළ පාටයි. ඇත්තටම මුහුද මතක් වෙනවා.

" Hello! How are you all? Nice to meet you. I'm an American. I am here with my these Korean friends. I think we can work together. Ah! sorry I forgot to tell you my name. I'm Percy Jackson"

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Where stories live. Discover now