අලුත් යාළුවෝ සහ වාඩුව ගැනීම...

222 53 31
                                    

Jimin POV:

'සැක්! විලිලැජ්ජාවයි! පළවෙනි දවසෙම පාසල් භූමි මාතාවටත් මාව බදාගන්න උවමනා වුණාන‌ෙ. ඒකත් මුළු පන්තියක් ඉස්සරහ‍. ගෑනු ළමයිනුත් බලාගෙන හිටියා අප්පා. බලාගෙන ඉන්නකෝ ටේ. ඒකට පළිය මං ගන්නං.' එහෙම හිතලා මම පළවෙනි පීරියඩ් එක ඉවර උණාට පස්සේ මං දිහාට හැරුණ ටේට හොද හිනාවක් දැම්මා. එයා දන්නවා මම මෙහෙම හැසිරෙන්නේ මොන වගේ වෙලාවලටද කියලා. ඒකනේ මූණ දෙල් ගෙඩියක් වගේ කරගත්තේ.😏

මොනා වුණත් ඉස්කා්ෙලේ ඉවරවෙනකන් මුකුත් නොවුණ ගානට ඉන්න මං තීරණය කළා. ආය දෙකක් නෑ. ටේත් ඔය විදිහටම හැසිරෙයි. එහෙම වුණේ නැත්තන් ඇත්තමයි මං මුළු ඉස්කා්ෙල‌ෙම ඉස්සරහා තව දෙතුන් පාරක් කොන්ද බිම ඇනගන්නවා.

ඔන්න ටේත් මේ පැත්තට එනවා. ඒකත් නිකන් නෙවෙයි මං වගේම හොද හිනාවක් දාගෙන. දැක්කනේ මං බොරු නෙවෙයිනේ කිවුවේ😁

"ආ! ටේ, කොහොමද අලුත් පන්තිය? මට නං උදේ ම හොද අත්දැකීම් ගොඩක් ලැබුණා. ජනේලේ ගාව වීව් එක හොදයිද? " මං ඇහුවා. එයා රවලා ඒකට උත්තරයක් දෙන්න හදනකොටම කවුරුහරි මගේ පිටට තට්ටුවක් දාලා කතාකරා.

" ආ කොහොමද ඉතින්? ඔයාලත් අපේ වයසම නේහ්? අපේ පන්තියට වැටුණ එක ගැන සතුටුයි." ඒ ළමයා ලස්සන හිනාවකුත් දාන ගමන් කිවුවා.

" ආහ් මේ අර අපිට දහඅට වංගුව වගේ පාර කියපු ළමයනේ. කොහොමද ඉතින්? " ටේ මගේ ප්‍රශ්නේ මග අරින්න හිතාගෙනමද කොහෙද පැනලා කතා කරා. ඒ හිටියේ අපිට පාර කියපු ළමයා තමයි.

" මං හොදින්. ඔයාලට මං කියපු පාර වැරදුනාද?"

"ආ නෑ නෑ ඒක හරි" මාත් ඉතින් උත්තර දුන්නා. " ඒක නෙමෙයි, ඔයාගේ නම මොකක්ද? මම පාක් ජිමින්"

" මම ජන්ග් හෝසොක්. කැමතිනම් මට හොබී කියන්න. හැමෝම මට කියන්නේ එහෙම. මොකද නම දිග වැඩියිනේ😂 " එයා හිනාවකුත් දාන ගමන් කිවුවා. " එතකොට ඔයා කවුද?" එයා ටේගෙන් ඇහුවා.

" මම කිම් ටේහ්‍යුන්ග්. කැමතිනම් ටේ කියන්න."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Where stories live. Discover now