රිදීවන් රශ්මිය...

154 36 86
                                    

Jungkook POV:

වාව්... ඇත්තටම මම පාවෙනවා වගේ හැඟීමක් දැනෙන්න ගත්තා.

"ඒයි, එයාව අතෑරපන්! තමුන් කවුද මගේ මල්- ආ ආව්... සොරි අයියේ ඇත්තටම, අපිට බැරිද මේක ගොඩින් බේරගන්න. නෑ මං මේ කිව්වේ ඉස්සෙල්ලම මාව බිමින් තියන්නකෝ. කුකීව තියාගන්න. ඒත්, ප්ලීස් මාව තියන්නකෝ බිමින්. මට වැඩිය උස් තැන් ගැන කැමැත්තක් නෑ. හී" මට ටේ හියොන්ගේ කටහඬ ඇහුණා.

'වාව්... කියලා වැඩක් නෑ මාර සහෝදරයෙක් තමයි මට ඉන්නේ. කමන්නෑ අපිටත් දවසක ඉර පායයි නේ. එතකොට කරන්නම් වැඩක්.' මම එහෙම හිතුවේ මේකට පළිය ජිමින් හියොන්ගේ සබන් වැඩේට වඩා ඉස්තරම් විදිහකට අරගන්නේ කොහොමද කියලා කල්පනා කරන ගමන්මයි.

( ටේ ට බාල්දි පෙරලන්න අනිත් දෙන්නා සෑහෙන ආසයි වගේ. පව් හැබැයි.)

මං ඉතින් කෝකටත් කියලා හිමින් හිමිිි ඇස් දෙක ඇරියා. මොකෝ සදාකාලිකවම අන්ධයෙක් වගේ ඉන්නයැ? ඇස් දෙක අරිනකොටම මම දැක්කේ ගොඩක් ආදරේ හිතෙන විදිහට මට රවාගෙන ඉන්න මනුස්සයෙක්ව. 

"හී..." මං මගේ ගාව තියෙන හොඳම සහ කියුට්ම, කපටිම, කුප්පම, ඉස්තරම්ම වර්ගේ හා හිනාවෙන් එයාට සංග්‍රහ කළා. ඒ හිනාවට මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් වශී නොවී ඉඳලා නෑ. ඒත් අද නම්.... මගේ නම්බුව හාවටම ලෙෆ්ට්. ඒ මනුස්සයා කළේ මගේ ‌කොලර් එකෙන් තව ටිකක් තදින් අල්ලගෙන තව අඩි එකහමාරක් විතර උඩට උස්සපු එක විතරයි. අනේ, මොකෙක් හරි දෙයියෙක් කමන්නෑ, අඩුම තරමේ මේ වෙලාවේ අර ලෝකී හරි ඇවිත් මාව බේරනවනම් සෝල්වල දේවාලයක් හොයාගෙන ගිහින් පොල් පැළයක් පූජා කරනවා කියලා මං මටම පොරොන්දු වුණා. ඒත් කියන්න සතුටුයි, අඩුම හුළං පොදක්වත් ආවේ නෑ.

( මේ, කුක්කෝ,

මොකෝ ඔිතරී?

බැරිවෙලාවත් ලෝකී එහෙම ආවොත් ඔටෝග්‍රාෆ් එකක් අරන් දෙන්න ඈ? ඔයා හොඳයිනේ?

ඒ අහවල් එහෙකටද? මමනේ පොල් පැළේ පූජා කරන්නේ?

නෑ... මේකයි... හී... ලෝකී මේ ඔිතරීගේ ලොකු කරස් එකක්. ඉතින්,-

හරි හරි ඒක ඒ වෙලාවට බලාගමුකෝ. දැන් ගිහින් කතාව ලිව්වනං හොඳ නැද්ද? මට අඩු වයසින් මැරෙන්න බෑ. ඒකත් වවුලෙක් වගේ එල්ලීගෙන.

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Where stories live. Discover now