රහස් සාකච්ඡාව...

163 36 63
                                    

"හේයි! අලුත් කොල්ලෝ,ඔයා දන්නවද? මම මුලින්ම මං උපදෙවියෙක් කියලා දැනගත්ත දවසේත් ඇහුවේ ඔය ප්‍රශ්නෙමයි" එකපාරම ඒ ගෙදර ඇතුළේ කොහෙන්දෝ මතුවුණේ ඇඟ පුරා කළු මජං ගාගත්ත, කැරලි කැරලි කොණ්ඩයක් තියෙන කොල්ලෙක්. එයාව ඒ වෙලාවේ නිකන් පෙනුනේ ගරාජ් එකක අලුත්වැඩියාවට දාලා තියෙන වාහනයක් වගේ.

"ආහ් ලියෝ, ඔයා ආවද?" අර ලස්සන කෙල්ල අර අඟුරු කොල්ලා දිහා බලලා ඇහුවා.

"ඔව්. ඒත් කැලිප්සෝ, මං කිව්වා වගේම නැව හදන වැඩේට දැන් කාලේ මදි. ඔයා මේක එයාලට කිව්වද?" ලියෝ කියපු කොල්ලා ඇහුවේ අපි හැමෝම දිහා ඔලුව හරවලා බලන ගමන්.

"ඇයි ලියෝ? මොකක් හරි ප්‍රශ්නයක්ද?" පර්සි ඇහුවා.

"මේකයි, කයිරොන්ගේ අයරිස් මැසේජ් එක නිසා අපිට දැන් ගවේෂණය ඉක්මන් කරන්න වෙනවා. මම සැලසුම් කරලා තිබුණේ නැව මාසයක් ඇතුළත හදලා ඉවර කරන්නයි. ඒත් දැන් අපිට ඒකට කාලයක් නැහැ. මොකද මට ආර්ගෝ නැව හදන්නත් මාස ගාණක් ගියා ඒනිසා අපි මෙච්චර ගොඩ දෙනෙක්ට යන්න තරම් ලොකු නැවක් හදන්නත් අපිට සෑහෙන කාලයක් ගතවෙයි. මට සමාවෙන්න මෙහෙම කියනවට, ඒත් මට ඒක කරන්න තරම් කාලෙ මදි." ඒ කොල්ලා බිම බලාගන්න ගමන් කිව්වා.

"ඒකට කමක් නැහැ ලියෝ. අපිට වෙන විදිහක් හොයාගන්න පුළුවන් වෙයි. අපි තාමත් හරියට දන්නේවත් නෑ කොහොමද ටාටරස්ව විනාශ කරන්නේ කියලා. ඒ නිසා අපි ඔක්කෝටම කලින් ඒකට විදිහක් හොයාගන්න එපැයි." ඇනබෙත් කිව්වේ ලියෝට හිත සන්සුන් කරවන විදිහේ හිනාවකින් සංග්‍රහ කරන ගමන්මයි. ඒ වගේ කෙල්ලෙක්ට එච්චර හොඳට හිනාවෙන්න පුළුවන්ද කියලා මගේ හිතේ සැකේකුත් නොතිබුණාම නෙවෙයි. මොනා වුණත් එයා හිනා වුණා.

"අහෙම් අහෙම්..." කවුරුහරි උගුර පෑදුව සද්දෙට මාව ගැස්සිලා ගියා. අනික ඒ සද්දේ ඇහුණෙත් මගේ ළඟින්මයි.

ඒ යූන්ගි හියොන්ග්.

"අපිට පැහැදිලි කරලා දෙනවද කරුණාකරලා? අපේ කතාව තවම ඉවර නෑ. ඔක්කොම පැටලිලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලි කරන්න. එතකොට තව ඔය මොකද්ද ගවේෂණේ ගැනයි, නැවක් ගැනයි ටාටා ද කවුද ගැනයිත් පැහැදිලි කරලා දුන්නොත් නේද හොඳ? මොකද මෙතන වෙන දේවල් අපි කවුරුත් තවම දන්නේ නෑ." යූන්ගි හියොන්ග් අත් දෙකත් බැඳගෙන සෝෆා එකේ ඇන්දට හේත්තු වෙලා ඔහේ බලාගෙන කිව්වේ අර කට්ටියට ටිකක් විතර ඔරවන ගමන්.

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Where stories live. Discover now