ගවේෂණයේ ඇරඹුම pt.2

171 45 52
                                    

Namjoon POV:

" ආහ් ගුඩ් මෝනිං පර්සි. අනිත් අය නම් තාම ඇවිත් නෑ." ජින් හියොන්ග් මට කෑගහනකොට හිටපු මූඩ් එක අමතක කරලා දාලා පර්සිට කතා කරන්න පටන් ගත්තා. පර්සි නම් තුෂ්ණිම්භූත වෙලා වගේ බලා ගෙන හිටියා. ඇයි දෙයියනේ මෙයා බනින්න පටන් ගත්තාම රැප් එකක් කියන්නා වගේ නේ.

අපි දෙන්නා එක වයස වුණාට මම ජින්ට හියොන්ග් කියන්නේ එයා මට වඩා ටිකක් වැඩිමල් නිසා. අනික අපි දෙන්නම පොඩි කාලේ ඉඳලම එකට තමයි හැදුණේ වැඩුණේ. ජින් හියොන්ග් කියන්නේ මගේ ලොකු තාත්තගේ පුතා. අපි දෙන්නටම අම්මලා හිටියේ නැති නිසා අපි දෙන්නා පොඩි කාලේ ඉඳන් ම එකට හිටියා. එකට ඉස්කෝලේ ගියා. එකට පිස්සු නැටුවා. ඒත් අපි දෙන්නටම මේ වගේ දෙයක් වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නෑ. එක පාරටම මෙහෙම ලෝකයකට ඇතුල් වෙන්න සිද්ධ වුණු එක, දැන් අන්තිමට අපේ පළවෙනි ගවේෂණයත්?!

" එයාලත් ඉක්මනින් එයි. මං හිතන්නේ අපි ටිකක් කලින් වැඩියි වගේ." මම ආපහු පියවි ලෝකෙට ආවේ පර්සි ගේ කටහඩින්.

" මං හිතන්නෑ අපි එච්චරම පරක්කුයි කියලා. අනිත් අයත් එනවා. අර බලන්න." ජින් හියොන්ග් ‌ඈතට අත දික් කළා.

" ගුඩ් මෝනිං හැමෝටම. ඔයාලා කලින් වගේ." ජේසන් කතා කළා.

" ඔව්. දැන් හැමෝම ඇවිත් ඉන්න එකේ අපි පිටත් වුණොත් නරකද? කයිරොන් තාම නැත්තේ ඇයි දන්නෑ." මම කිව්වේ මහගෙදර දිහා බලන ගමන්.

" අපිට එයා එනකන් ඉන්න වෙනවා. අපිට ප්ලේන් ටිකට්ස් වගේම තව නෙක්ටාර්, ඇම්බ්‍රෝසියා වගේ සැපයුම් ද්‍රව්‍ය ඉල්ලගන්නත් තියෙනවා." ඇනබෙත් කිව්වා.

" ඔයාලට ඒවා ආර්ගස් ගෙන් ලබාගන්න පුළුවන්. ඒවා වාහනේ ඇති. " පිටිපස්සෙන් ඇහුණ කට හඬට මම ගැස්සුණා.

"කයිරොන්?"

" ඔව් දරුවෝ. සමාවෙන්න ටිකක් පරක්කු වුණාට. ඔයාලගේ ටිකට් අරගෙන ඔයාලට පිටත් වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක්. එයාලා ඉන්න තැන ගැන අපිට සැටර්ලාගෙන් තොරතුරු ලැබිලා තියෙනවා. එයාලා ඉගෙන ගන්නේ සෝල් උසස් පාසලේ. මම හිතනවා නම්ජූන් සහ සොක්ජින් ඒ තැන දන්නවා ඇති කියලා. එක්කෙනෙක් පළමු වසරේ අනිත් අය දෙවන වසරේ. එතනින් එහාට තොරතුරු හොයාගන්න එක ඔයාලට බාරයි. අනාවැකිය පර්සි සහ ඇනබෙත් විසින් භාරගත්ත නිසා එයාලා ට ගවේෂණය මෙහෙයවන්න සිදුවෙනවා. කාගෙවත් විරුද්ධත්වයක් තියෙනවද?"

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα