Sphinx ගේ ප්‍රශ්න වටය...

187 38 85
                                    

Jin POV :

"ආහ් මෙන්න පියාඹන උකුසු කෙල්ලෙක්" මම කෑගහන ගමන් කිව්වා.

එතන හිටියේ අර පිළිමේ. ඒත් ඒකට පණ ඇවිත් තිබුණා. ඒ වගේම පියාඹමින් හිටියේ. එයාගේ අර මැටි වර්ණය අයින් වෙලා සාමාන්‍ය විදිහට වර්ණවත් වෙලා තිබුණා. මොනා වුණත් එයා කැතයි.😂😂💔

"මම උකුසු කෙල්ලෙක් නෙවෙයි හැකර කටක් තියෙන මෝඩ කොල්ලෝ මම තමයි Sphinx කියන්නේ. දන්නැත්තන් මේ ඇතීනා කෙල්ලගෙන් අහගන්නවා. මට තරම් බුද්ධියක් කාටවත් නෑ. ඇතීනාගේ දරුවන්ටවත් මගේ ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න බෑ. එහෙව් මටද ඔහේ ඔය උකුසු කෙල්ල කියන්නේ ආ?

මං හිතන්නේ මට ඉස්සෙල්ලම ඔයාව මගේ කෑම වේල කරගන්න පුළුවන් වෙයි. මගේ ප්‍රශ්නවලට උත්තර දෙමු නේද එහෙනම්?" සිපිනික් ද කවුද මන්දා කියාගෙන කියාගෙන ගියා.

" මේ අහනවා, ඔයා ඔය කියන සිපිනික් ද කවුද කෙනා වුණා කියලා මට වැඩක් නෑ. ඔයා කවුද මට මෝඩ කොල්ලා කියන්න? අනික මගේ මෙච්චර මිහිරි කටහඬට හැකර කට කියන්න? හහ්! දන්නවද මම තමයි කිම් සොක්ජින්. I'm worldwide handsome. You know? ඇෆ්‍රොඩයිට්ගේ පුතෙක් මම. ඔයා මොකෙක් වුණත් මට වැඩක් නෑ. අනික උකුසු කෙල්ලෙක්ට එහෙම නොකියා වෙන කොහොම කියන්න ද? ඒත් අදනම් ඔහේ කට වරද්දගත්තා. මම මේක සටනකින් මිසක් නවත්තන්නේ නෑ. යාහ්, ගනු කඩුව එනු සටනට....යාආආආආහ් ! " මං කෑගහගෙන ඉස්සරහට දුවන්න හැදුවත් මට මොකක්දෝ වැරදුනා කියලා හිතුණා.

ආහ් හරිනෙ මට තියෙන්නේ කඩුවක් නෙවෙයි නේ. කටට ආවට කඩුව කිව්වා වුණත් ඒක හෙල්ලක්. දිගු දුර සටන් ආයුධයක්. මං ඒකට ගොඩක් ආසයි. ආයුධ තෝරගන්න යනකොට ගබඩාවේ මගේ හිත ඉස්සෙල්ලම ඇදගත්තේ ඒක. දිව්‍යමය ලෝකඩවලින් හදලා තිබුණ ඒක හරිම හුරුබුහුටියි. ඒ වගේම අතට හුරුයි. තව විශේෂයක් තමා ඒක ගෙනියන්න පහසු වෙන්න හෙල්ලක කුඩා ආකෘතියක් විදිහට හරවගන්න පුළුවන්කම තිබුණා. ඒක මගේ පහසුවට මම චේන් එකක අමුණලා බෙල්ලේ දාගෙනයි හිටියේ. ඒ චේන් එකත් විශේෂයි. මොකද මට උවමනා වුණ වෙලාවට මම ඒක අල්ලපු ගමන් නිකන්ම මගේ අතට ගැලවිලා එනවා. හෙල්ලේ ඒ කුඩා ආකෘතිය අතට ගත්ත ගමන් මට උවමනාවක් තියේනම් ඒක තමන්ගේ සැබෑ ප්‍රමාණයට ගන්නත් මට හැකි වුණා. අවශ්‍ය වෙලාවට ආයෙත් පොඩි කරන්නත් පුළුවන් වුණා. ඒක ඇත්තටම පුදුමාකාර ආයුධයක්.

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Where stories live. Discover now