උරුමක්කරුවෝ සහ අනාවැකිය....

267 49 158
                                    

Percy POV :

වචන පහයි- ' මම ආයෙමත් ලොකු බාල්දියක් පෙරළගත්තා.'

ඇත්තටම කිව්වොත් ආයෙමත් පාරක් මමයි මගේ යාළුවොයි අපේ දේව නෑදෑයො නිසා කරදරේක වැටෙන්නයි යන්නේ. අපි හැමෝටම අනපේක්ෂිත විදිහට දකුණු කොරියාවට එන්න වුණා.

ඒ එදා අර්ධ ලෝහිත කදවුරේ පැවැත්වුණ රැස්වීමට පස්සේ...

(කතාවේ මොකද වුණේ කියලා අමතකයි නම් 2 වෙනි චැපිය කියවන්න හොඳේ...)

___Flashback___

...... මට විශ්වාස කරන්න උවමනා නොවුණත් මම දැනගෙන හිටියා කවුද මගේ නම වැරදියට කියන ගමන් මට කතා කළේ කියලා. ඒ ඇවිත් හිටියේ ඩයනයිසියස්. වයින් දෙවියා. එයා තමයි අපේ කඳවුරු අධ්‍යක්ෂක. අවසාන යුද්ධෙන් පස්සේ එයා ඔලිම්පස්වලට නිවාඩුවක් ගතකරන්න ගියපු බව දැනගන්න ලැබුණා. ඒත් එයා මෙච්චර ඉක්මනට ආපහු ආවේ ඇයි?

" ඔයා මොනවද මෙහෙ කරන්නේ?" මගේ මොළේට කලින් මගේ හැකර කට ඉස්සර වුණා.

"- උ-උතුමාණෙනි," මොනා වුණත් දෙයියෙක්ගෙන් අකුණු පාරක් කාලා අඩු වයසින් මැරෙන්න හරි, සදාකාලයටම මිදි වැලක් නැත්නම් වයින් බෝතලයක් වෙලා ඉන්න හරි මට උවමණාවක් තිබුණේ නැති නිසා මම වාක්‍යයේ අගට එකතු කළා.

" මම මෙහෙ ආවේ ඔහේගේ ප්‍රශ්නවලට උත්තර දිදී ඉන්න නෙමෙයි ‌පෙරී ජොහැන්සන්. ඔහේලා නිසා මගේ නිවාඩුවත් නිකන් නාස්ති වෙනවා. "

" මේහ්, සමාවෙන්න, මගේ නම පෙරී නෙවෙයි. පර්සි." මං වෙනදා වගේම මතක් කළා.

" ආශ්, මොකක් වුණත් මොකද? මට වැඩක් නෑ. මම මේ හදිසියෙන්ම ආවේ ඔලිම්පියානු මන්ත්‍රණ සභාවෙන් විශේෂ සහ හදිසි පණිවුඩයක් අරන්. කයිරොන් ඒ ගැන තමුසෙලාට පැහැදිලි කරයි. " දෙවියා එතන හිටපු හැම උපදෙවියෙක්ටම රවන ගමන් කිව්වා. ඒ ඉතින් එයාගේ හැටිනේ. අවුරුදු දහස් ගානක් තිබුණ නරක පුරුදු ඕවා.

ඊට පස්සේ ඩයනයිසියස් යන්න ගියාමත් නෙවෙයි, වාශ්ප වෙලා ගියා.

" ක්හ්ම්...." ලද අවසරයෙන් කයිරොන් කතාව පටන්ගත්තා.

" මුලින්ම මෙතන ඉන්න හැම අර්ධ ලෝහිතයෙක්වම සාදරයෙන් පිළිගන්නවා. මේක ඇත්තටම ගොඩක් බරපතල කාරණයක්. සියුස් අලුත් ගවේෂණයක් වෙනුවෙන් අණ කරලා තියෙනවා. ඒත් මේක සාමාන්‍ය ගවේෂණයක් නෙවෙයි. ඒක ඔයාලා හත්දෙනාගේ ගවේෂණයටක් වඩා ගොඩක් බරපතල බවයි පේන්නේ. බොහොම දුර්ලභ ගණයේ එකක්. "

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Where stories live. Discover now