හීනයක්...?

292 57 40
                                    

Unknown POV:

"ඉතින් කොහොමද පොඩි කොල්ලෝ. මං ඉක්මනට මගේ අරමුණ ගාවට ළඟා වෙනවා. හහ්! මට කරපු දේවල් වලට මං ඔහෙලා හැමෝගෙන්ම පළිගන්නවා. අවුරුදු දාස් ගානකට පස්සේ මම දැන් නිදහස්. ඒ වගේම මගේ පලිගැනීම මං ආරම්භ කරන්නේ ඔහේගෙන්" එහෙම කියන ගමන් භයානක පෙනුමක් තියෙන ලොකුම ලොකු ඉරිතලපු ගල් ගෙඩියක් මගේ ඇගට කඩාගෙන පැන්නා.

( ගල් ගෙඩියක් කිවුවට එහ‌ෙමමත් නෙවෙයි. අනේ මන්දා....හරියට මතක නෑ)

අවදි වන්න අවදි වන්න

දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ...

ලල්ල ලල ලලා.....

හිතනවාට වඩා සොදුරු-

විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ.....

'......සැක් විතරක්! එලාම් එක නේද?'

ඒත් එක්කම 'දඩස්!'

මහ හයියෙන් බිම වැටුණේ මොකද්ද කියලා බලන්න ඇස් දෙක ඇරපු මම ඉස්සෙල්ලම දැක්කේ අපේ කාමරේ සිවිලිම. ඒත් වෙනදට පේන්නේ නැති අමුතුම කෝණයකින් ඒක පේන්නේ ඇයි කියලා කල්පනා කරන ගමන්ම මම නැගිටින්න කියලා බැලුවේ. ඒත් එතකොට ම මට දැනුනේ පොඩි සීතලක්. තව පිටකොන්ද පැත්තෙන් පොඩි කැක්කුමකුත් දැනුනේ කවුරුහරි මට ලොකු මෝල්ගහකින් තඩිබාලා වගේ හැගීමක් එක්ක. ඔන්න එතකොට මට ටිකෙන් ටික වැඩේ මීටර් වෙන්න ගත්තා. මම දැන් ටිකකට කලින් ඉතාම ආදරණීය විදිහට පොළොව බදා‌ගෙන භූමි නමස්කාරය කරලා.

( A/N මේ ටික ඔක්කොම උණේ තත්පර පහක් වගේ පොඩි කාලයක් ඇතුළත හරිද?)

ඒ අස්සේ මගේ කරුමක්කාර එලාම් එක බැක්ග්‍රවුන්ඩ් මියුසික් සපයනවා. එලාම් එක පොළොවේ ගහන්න ඇතිවුණ හැඟීම මං කොහොමහරි නවත්ත ගත්තා.

"ආව්..." මගේ කශේරුකාව දෙකට කැඩිලද කියන සාධාරණ සැකෙත් එක්කම මං කොන්ද අතගාන ගමන් නැගිට්ටා.

තාම වෙලාව උදේ 5.45 යි.

ඒත් එක්කම මං කාමරේ වටේටම බැලුවේ මගේ රටක් වටින සහෝදර ඩබල තාම නිදිද කියලා බලන්නයි. උදේ පාන්දරම පොළොව බදාගෙන හිටපු මාව ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් හරි දැකලා තිබ්බොත් එදා දවසම විනාසයි කියලා මං හොදටම දන්නවා.

Descendants Of Olympus ║ᵇᵗˢ ˣ ʰᵉʳᵒᵉˢ ᵒᶠ ᵒˡʸᵐᵖᵘˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ║Where stories live. Discover now