🌻🅒🅗🅐🅟🅣🅔🅡 20🌻

1K 203 67
                                    

සෙට් එකම ගොඩක් වෙලා අනම් මනම් කතා කර කර, කකා බිබී හිටියත් එක්කෙනෙක්ගේ ඇස් පාටි එක පුරාවටම තිබුනේ යුමී ගාවයි. ඔව්. ඒ ජන්කුක්. කතා කරද්දි, හිනා වෙද්දි යුමීගේ ඒ මූණ තවත් ලස්සන වෙන විදිය ජන්කුක් බලන් හිටියේ හරිම ආසාවෙන් වගේම ආදරෙන්. යුමීට දැනුනා ජන්කුක් තමන් දිහා බලන් ඉන්නේ කියලා. ඒත් මුරණ්ඩු යුමී නෙමෙයි ජේකේගේ පැත්තවත් බැලුවේ. යුමී පාටි එක පුරාවටම හිටියේ ජේකේ ඉන්විසිබල් වගෙයි. ඒත් එක්කම යුමීට කෝල් එකක් ආවා.

Yumi- " ඔප්පා මන් මේක ආන්ස්වර් කරල එන්නම්"

Hobi- " හරි ඉක්මනට එන්න බේබි සිස්"

යුමී ඉක්මනින් එතනම තිබුනු දොර ඇරන් ගාඩ්න් එකට ගියේ ඇතුලේ සද්දේ නිසයි.

On the phone

Yumi- " යෙබුසෙයෝ සේහුන්"

Sehun- " ප්‍රින්සස් කොහෙද ඉන්නේ ආ. මන් මේ දැන් ගොඩක් වෙලේ තිස්සේ ගෙදර බෙල් එක ගහනවා. කොයි ලෝකෙද ඉන්නේ"

Yumi- " අහ් සේහුන් මන් ගෙදර නෙමෙයි ඉන්නේ. ම-මන් මේ...."

Sehun- " what the hell Yumi. මන් කිව්වා නේද මගෙන් අහන්නේ නැතුව ගෙදරින් එලියට බහින්න එපා කියලා"

Yumi- " ah sehun calm down. මන් මේ ජූන් ඔප්පාගේ බර්ත්ඩේ පාටි එකට ආවා. මියානෙහ් කියන්න අමතක උනා"

Sehun- "WHATTTTTT"

Yumi- " යාහ් සේහුන් කෑගහන්න එපා. නොදන්න කෙනෙක් නෙමෙයිනේ අනේ"

Sehun- " දැන්ම ගෙදර එන්න ප්‍රින්සස්. මගේ යකා අවුස්සන්න එපා"

Yumi- " ආයිශ් සේහුන්. ඒක හරි නෑනේ. මන් අවුරුදු ගානක් එයාලා එක්ක නෙමෙයි හිටියේ. එයා හරිම ආසයි මන් පාටි එකේ ඉන්නවට. අද හැමෝම කාලෙකින් එකතු උනේ. මොකක්ද අනේ සේහුන්. චේබල්"

Sehun- "ආයිශ්. හරි. දැන් වෙලාව අටයි. නවය වෙද්දි ගෙදර ඉන්න ඕනේ. නැත්නම් මන් ඔතනට ඇවිල්ලා ඇදන් යන්නේ. Got it?"

Yumi- " ආර්හ්හ්හ්හ්. දේ දේ"

Sehun- " hmm good. Take care baby"

Yumi- "bye"

යුමී තරහින් වගේ කෝල් එක කට් කරලා අනිත් පැත්ත හැරුනම දකින්න ලැබුනේ තමන්ගේ මූනට එබිලා කට කොනේ හිනාවක් දාන් ඉන්න ජන්කුක්වයි. එක පාරටම බය උනු පාර යුමී ෆෝන් එකත් පපුවට තුරුලු කරන් ඇස්පිය නොහෙලා ජේකේ දිහා බලන් හිටියා.

YOU ARE STILL MINE ( Completed )Where stories live. Discover now