🌻🅒🅗🅐🅟🅣🅔🅡 17🌻

1.2K 225 118
                                    


( 5K උනා බබූලා. කුමාවෝ අනේ. මට මාර සතුටුයි. ඔයාලා නිසා තමා. ආදරෙයි හැමෝටම ගොඩක්😚)

මේ වෙලේ කාගෙත් හිත් අමුතු විදියෙ බයකිනුත්, වේදනාවකිනුත් පිරිලා. ඇයි? එයාලගේ හුරතලී ඕරා නිසා. ඕරා මැශින් ගොඩකට වට වෙලා, ඒ ලස්සන සියුමැලි අත්වල සේලයින් කටු ගහලා ඉන්න විදිය දැක්කම කට්ටියගෙම පපුව හෝස් ගාලා ගියේ ටිකකට කලින් තමන් එක්ක නට නට, සෙල්ලම් කර කර හිටපු ඒ අහින්සකීට පොඩි හරි වේදනාවක් දැනෙනවා බලන් ඉන්න බැරි නිසයි. ඒ තරමට එයාලා අතර බැදීම කඩන්න බැරි විදියට තැනිලා ඉවරයි.

හැමෝම ඕරාව අරන් හොස්පිටල් එකට එද්දිත් ඕරාට සිහිය තිබුනේ නෑ. ඕරාව කෙලින්ම icu එකට දාපු නිසා කට්ටියම ලොකු හුස්මක් අරන් තැනින් තැන වැටුනේ ඕරාට කිසි ප්‍රශ්නයක් වෙන්න එපා කියල දෙවියන්ගෙන් ඉල්ලන ගමනුයි. මේ අතරේ ටේ වගේම යුන්ගි, ජේකේ ඕරාට ඩෝල් කියලා කතා කරපු එක ගැනත්, ඕරා තමන් යුමී කියලා කියපු එක ගැනත් විස්තරේ කියද්දි අනිත් හැමෝම පුදුමෙන් පුදුමෙට පත් උනේ ඒක වෙන්නම බැරි දෙයක් නිසයි.

එතකොට ජේකේ? එයා මොකද කරන්නේ? ඕරාව icu එකට දාපු වෙලෙ ඉදන් icu එකේ දොර ඉස්සරහ බිත්තියට හේත්තු වෙලා බලාගත්තු අත බලන් ඔහේ කල්පනා කරනවා. ජේකේට විශ්වාස කරන්න පුලුවන්ද මේ වෙන දේවල්? ඇත්තටම ඕරා කියන්නේ යුමීද? ඒමත් නැත්නම් මේ හැමදේම බොරුවක්ද? මේක හීනයක් වෙන්න බැරිද? මෙන්න මේ වගේ දේවල් තමා ජේකේගේ හිතේ නැගුනු ප්‍රශ්න.

පැය තුනක් හතරක් මේ විදියට ජේකේ එකම විදියට හෙලවෙන්නෙවත් නැතුව ඉන්න විදිය බලන් ඉන්න බැරිම තැන ජින් ජේකේ ගාවට කිට්ටු වෙලා ඊට එහා පැත්තෙන් බිම වාඩි උනා.

Jin- " ජන්කුකා"

Jk- " ................."

Jin- " මේ අහපන් බන්. උබ ඕම ඉදලා බෑ. මන් දන්නේ නෑ ඕරා එක පාරටම ෆේන්ට් වෙන්න උබලා අතර මොනාද සිද්ධ උනේ කියලා. ඒත් හැමදේටම කලින් උබ කෙලින් ඉන්න ඕනේ"

Jk- " .................."

Jin- " ඕරා හොදින් ඇති. එයා ගොඩක් ස්ට්‍රෝන්ග් කෙල්ලෙක්. ඒ ගැන හිතල අවුලෙන් ඉන්න එපා කුකී"

YOU ARE STILL MINE ( Completed )Where stories live. Discover now