Yg-" ඔයාව දැක්කේ අවුරුදු ගානකින්, ඇත්තටම තවමත් ඔයාට 31ක් කියලා කියන්න බෑ jeon "

Jeon හිනා උනා.

Jk-" අවසානෙට මං ඔයාව දැක්කේ වදකාගාරේ ඇතුලේ,
එදා ඔයාට ගොඩක් තුවාල වෙලා තිබ්බේ....
එදා පාර්ක් හ්‍යුන්ග් ... එයත් ඔයා ලග හිටියා.....
ම්ම්ම්.... පාර්ක් හ්‍යුන්ග් තවත් කදවුරේද සේවය කරන්නේ "

යුන්ගිගේ ඇස් කදුලු වලින් පිරිලා ගියා.

Yg-"  වසරකට කලින් එයා කදවුරෙන් යන්න ගියා. "

Jk-" මාරුවීමක්....? "

Yg-" එයා කදවුරෙන් යන්න තීරණේ කරා, විශේෂ ඉල්ලීමක් කරලා,
හේතුව එයා විවාහ උනා.... "

Jk-" මො..මොකක් ? එතකොට... එතකොට... එයා.... විවාහ උනේ...
ඔහ් ! වෙන කෙනෙක්ට ආදරේ කරලා තව කෙනෙක්ව විවාහ කර ගන්න එක ගොඩක් අමාරුයි.... "

Jeon ඒ හැගීම හොදින් දන්නවා. පාර්ක් කවදාවත් එයාගේ හැගීම් පිට කරේ නැතත් එයා, ආදරේ කරපු කෙනා කවුද කියලා jeon දන්නවා.

Yg-" ඔව් ඒක අමාරු දෙයක්... මාත් පාර්ක් ගත්ත තීරණේ වසර දෙකකට කලින් ගත්තා.මාත් විවාහ උනා,
වසර දෙකකට කලින්....
ඒත්... ඒත් මං සතුටෙන් නෙමේ,
මගෙ හිතේ ඉන්නේ වෙන කෙනෙක්....
කවදාවත් අයිති කර ගන්න බැරි කෙනෙක්,
Jeon මට ඔයාටයි කැප්ටන්ටයි උරුම උන දෛවය විදින්න තරම් හයියක් නෑ.......
හැමදාම හැගීම් හිරකරන් ඉන්න මං තීරණේ කරලා විවාහ උනා.
මං විවාහ වෙලා වසරකට පස්සේ පාර්ක්ගේ විවාහය උනා.
මේක තමා ලෝක ස්භාවය.
අපි ඒකට මූන දෙමු "

Jk-" කැ..කැප්ටන් හොදින්ද ? "

Yg-" මායි දැං කදවුරේ කැප්ටන් "

Jeonගේ ඇස් විශාල උනා.

Jk-" එ-තකොට කැප්ටන් කිම්....? "

Yg-" ඔයාට පෙන්නන්න දෙයක් තියනවා jeon ssi.... අපි ඔයාලගේ ගෙදරට යමු...
මං කිව්වේ කැප්ටන් , ඔයා ජීවත් උන ගෙදර.... "

Jk-" හ..හරි... "

Jeon පුදුමෙන් යුන්ගිට උත්තර දුන්නා,
එයාලගේ ගෙදර මොනාද පෙන්නන්න තියෙන්නේ. අනික ඒ ගෙදර තවත්, හොදින් තියනවද ?

I met youOpowieści tętniące życiem. Odkryj je teraz