TH-" j..jeon ssii ඔයා...ඔයා හොදින්ද ? "

කැප්ටන් වෙව්ලන තොල් වලින් කතා කරා....
' මං අද ඒ ඇස් වල කලබලේ දැක්කා '

Jk-" මං හොදින් හ්‍යුන්ග් "

TH-" ඔ-ඔයාට කරදරයක් නෑ නේද "

කැප්ටන් jeonගේ මූන අතපය අතගාන ගමන් ඇහුවා.
' මං අද ඒ ඇස් වල දුක දැක්කා '

Jk-" මං හොදින් හ්‍යුන්ග් , ගොඩක් හොදින් "

TH-" ඔ..ඔයාට මොකුත් වෙන් නෑ, ඔයාට මොකුත් වෙන් නෑ.... මං ඉන්නවා "

කැප්ටන් තවමත් jeonගේ අතින් අල්ලන් කතා කරන්න ගත්තා
' මං අද ඒ ඇස් වල බය දැක්කා '

Jk-" හ්‍යුන්ග් ඉන්නකන් මට මොකුත් වෙන් නෑ... "

TH-" jeon shii... ඔයා ජෙනීගේ විවහය ගෙන දන්නවද ? ඇත්තටම මට ඔයාගේ ජීවිතේ බේරන්න කරන්න තිබ්බ එකම දේ ඒක "

කැප්ටන් හුස්මක් එක්ක එකදිගට කියාගෙන ගියේ බිම බලාගෙන.
' මං අද ඒ ඇස් වල අසරණකම දැක්කා'

Jk-" මං හැමදේම දන්නවා, මට ආරංචි උනා "

TH-" ඒත්.... මං විවාහ වෙන් නෑ, ඒ විවාහේ රගපෑමක්, අපි යමු...
අපි මෙහෙ දාලා වෙන කොහෙ හරි යමු.
අපිට ඉන්න පුලුවන් තැනකට යමු "

කැප්ටන් ,ගොඩක් විශ්වාසෙන් බලාපොරොත්තු ඇතුව් කතා කරේ.
' මං අද ඒ ඇස් වල ආත්මාර්ථකාමීත්වය දැක්කා '

Jk-" හ්‍යුන්ග් , අපිට කොහෙවත් යන්න ඕන් නෑ.... , කොහෙ ගියත් නැතත් මං මගෙ හ්‍යුන්ග් ලග හැමදාම ඉන්නවා "

TH-" ඔව්.. මගෙ ලග ඔයා ඉන්න ඕනෙ, මගෙ ලෝකෙ ඔයා..... "

කැප්ටන් jeonව බදා ගත්තා.jeonගේ ඇස් වලින් කදුලු බිංදු වැක්කෙරෙන්න ගත්තා.
' මං අද ඒ ඇස් වල ආදරේ දැක්කා,
ඔව් ඒ අවංක ආදරේ.....
ඒ ඇස් වල මේ හැම හැගීමක්ම තිබ්බේ මං හින්දා , එයාගේ මේ දැං දකින්න තියන හැම හැගීමක්ම මං හින්දයි ,
මට සමාවෙන්න මං ඔයාව ගොඩක් වෙනස් කරලා,
මං ඔයාගේ හැගීම් ගොඩක් වෙනස් කරලා,
මං ආදරෙයි හ්‍යුන්ග් , ගොඩක් ආදරෙයි'

Jeonගේ ඇස් වලින් නොනවතින කදුලු කැප්ටන්ගේ ඇදුම තෙත් කරා.
කැප්ටන් එයාලගේ වැලදගැනීම බිද දැම්මා .

I met youWhere stories live. Discover now