G-" ඩොක්ටර් jeon ඔයාට මියුන්ගිට බල කරන්න බෑ..... "

Jk-" මං බල කරේ නෑ ජෙනරාල් , මං එයාගෙන් ඉල්ලුවා ඇත්ත කියන්න කියලා.... "

G-" හරි... එහෙනම් අවසන් වතාවට අහන්නේ, ඇත්ත කියන්න මිස් මියුන්ගි  ,
කවුද මේ දේ කරේ "

" මේක කරේ ........ ඩොක්ටර් jeon "

මියුන්ගී ආයෙ, ආයෙත් කිසිම වරදක් නැති jeonව මේ වරදට අහු කරා. කැප්ටන්ගේ සීමාව හොදටම ඉක්මවා ගිහින්. ඇරත් , මේ ඉන්නෙර් කලින් හිටපු කැප්ටන් නෙමේ. Jeonට මෙහෙම වරදක් පටවනවා එයා ඉවසන් ඉන්නේ කොහොමද ?

TH-" කට වහගන්නවා ! තවත් බොරු නොකියා... "

කැප්ටන් තුවක්කුව අතට අරන් නැගිට්ටත් සෙබලු දෙන්නෙක් කැප්ටන්ගේ අතින් අල්ල ගත්තා. ඇත්තටම ඒ කැප්ටන් හැදුවේ මියුන්ගිට වෙඩි තියන්නද ? ඔව්.. එහෙම වෙන්න පුලුවන් . මොකද කැප්ටන්ගේ හදවත මේ වෙලාවේ ගොඩක් වේගෙන් තීරණ ගන්න පොලඹනවා.

G-" කැප්ටන් ! තමුන්ගේ හැසිරීම අන්තිමයි, මෙතන කාන්තාවක්ට අසාදාරනයක් වෙලා තියනවා ,
ඒත් මෙතන හැසිරෙන විදිය....
වින්දිතවරියටම ඔහොම කෑ ගහන්නේ කොහොමද ? "

TH-" මෙතන වින්දිතවරිය මෙයා නෙමේ ජෙනරාල්. මෙතන වින්දිත ඩොක්ටර් jeonයි. මොකද jeonට තමා බොරු චෝදනා එල්ල කරන්නේ  "

G-" තවම පරීක්ෂණයක්වත් නොකර කොමද ඩොක්ටර් jeon නිවැරදී කියන්නේ ? "

TH-" මොකද ඊයේ රෑ jeon කදවුරේ හිටියේ නෑ.... "

G-" ඩොක්ටර් jeon කදවුරේ හිටියේ නෑ ? විශ්වාසද ? "

TH-" ඔව් ජෙනරාල් මට විශ්වාසයි,
Jeon කදවුරේ හිටියේ නෑ "

G-" හරි... එහෙනම් ඩොක්ටර් jeon කොහෙද හිටියේ ? "

Jk-" මම... ම්ම්...ඊයේ "

Jeon අසරණ වෙලා වගේ කැප්ටන් දිහා බැලුවේ කියාගන්න දෙයක් හිතා ගන්න බැරි හින්දයි.
Jeonට කීයටවත් ඒ රාත්‍රිය කැප්ටන් එක්ක එකට ගත කරා කියලා කියන්න බෑ. එහෙම දෙයක් උනොත්, මෙතන ගොඩක් දේවල් එලියට එයි . එහෙම උනොත් ? ..... එහෙම උනොත් ඒකෙන් ප්‍රශ්නේ වෙන්නේ කැප්ටන්ට කියලා jeon හොදටම් දැනන් හිටියා,

I met youWhere stories live. Discover now