Jk-" ආහ්...".

TH-" හ්ම්ම්ම්... ජෙනරාල් අම්මට ලං වෙන්න හැදුවත් අම්මා ජෙනරාල්ගේ හුලගක්වත් වදිනවට කැමති වෙලා නෑ,
අම්මට මගෙ අප්පාගේ ස්පර්ශය ඇරුනම වෙන පිරිමියෙක්ගේ හුලගක්වත් ඕන වෙලා නෑ.......
ඒත් ජෙනරාල්ට දරුවෙක් ඕන වෙලා,
අවුරුදු 3 කට පස්සේ එයා ආයේ කසාදයක් කරගෙන. පස්සෙ ඒ දෙවෙනි කසාද බිරිදට දරුවෙක් ලැබිලා.
ඒ ජෙනී.
ජෙනීට ජෙනරාල් ගොඩක් ආදරේ කරා,
එයාට හැමදේම කන්න දුන්නා, අරන් දුන්නා, හැමතැනම එක්කන් ගියා,
ඒත් මට මගෙ අම්මට තුරුලු වෙන්නවත් අවසර තිබ්බේ නෑ.
නීතිරීති ගොඩක් යටතේ මං ඒ ගෙදර හැදුනේ,
අම්මා ගෙදර වැඩට තියා ගත්තා,
හේතුව ජෙනීට වයස 2ක් වෙද්දි එයාගේ අම්මා ඒ ගෙදරින් යන්න ගියා,
ඉතින් මගෙ අම්මාට ජෙනීව බලා ගන්න උනා. හැමදාම ජෙනීව වඩාගෙන යනවා, කවනවා, සෙල්ලම් කරනවා,
ඒත් මං අම්මගේ අතින් අල්ලන්නෙත් ගොඩක් දවස් වලට කලාතුරකින්,
මාත් ගෙදර වැඩ කරා,
අම්මා එක්කම ගෙදර වැඩ කරා.
ඇවිදින්න පුලුවන් කාලේ ඉදලා එහෙම තමා..... "

Jk-" ජෙනී ඔයා එකටමද හැදුනේ...."

TH-" මට වයස 15ක් වෙනකන්ම එයා ඒ ගෙදර හිටියා.ඒ කාලේ ජෙනී ගොඩක් නපුරුයි,
ඒ වගේම හිතුවක්කාරයි ,
මාත් එක්ක හොදින් නෙමේ හිටියේ,
ගෙදර වැඩ කරන කෙනාගේ පුතා හින්දා මට සැලකුවේ නපුරු විදියට,
එයාගේ යාලුවෝ ඉස්සරහා මාව විහිලු කාරයෙක් වගේ අපහසුතාවෙට පත් කරලා තියනවා,
දැං මතක් වෙද්දි ඒක විහිලුවක් වගේ,
දන්නවද jeon ssi මං ජෙනීගේ ඇදුම් පවා හෝදනවා,
ජෙනි මට පොඩ්ඩක්වත් කැමති නෑ,
ඒත් මං හේතුව දන් නෑ.
එයා මට ගොඩක් අකමැතී......
මං ඉතින් ජෙනී කියන හැමදෙම කරා,
එහෙම නොකරොත් හවසට ජෙනරාල්ගෙන් ගුටි කන්න වෙනවා,
එතකොට අම්මා අඩනවා,
අම්මගේ ඇස් වල කදුලු බලන්න මං ආස නෑ.
ඉතින් මං හැමදේම ඉවසන් හිටියා "

Jk-" එච්චර අකමැති නම් ඇයි ජෙනී ඔයාව විවාහ කර ගන්න හදන්නේ "

TH-" හේතුව දන් නෑ.... එයා ලොකු වෙනකොට වෙනස් උනා "

Jk-" ඒ කිව්වේ....."

TH-" මං අවුරුදු 15 ක් වෙනකන් ඒ ගෙදර හිටියේ, එතකොට ජෙනීට 11යි. ජෙනී ඔයාගේ වයස.....
මං අවුරුදු 15දි කදවුරට ගිහින් බැදුනා"

I met youWhere stories live. Discover now