TH-" jeon ssi... ඔයා මගෙ නේද "

Jk-" ඇ..ඇයි.... ? "

TH-" ඔයාව , වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන්න මට බෑ,
එහෙම බලනවට වඩා මැරෙන එක සතුටක් වෙයි මගෙ blossom මල "

Jk-" ශ්.... එහෙම කියන්න එපා, මං පොරොන්දු වෙනවා මැරෙනකන් මං ඔයාගේ විතරයි කැප්ටන් ,
ඔයාගේ විතරමයි. "

TH-" මං පොරොන්දු වෙනවා මං කාවවත් විවාහ වෙන් නෑ.... මාත් මැරෙනකන් ඔයාගේ විතරයි,
ඔයා නැති ජීවිතයක් එපා...
මං ඔයාට ගොඩක් ආදරෙයි "

Jk-" මාත් ආදරෙයි ගොඩක්....
ඒත් මිස් ජෙනි ? "

TH-" මං දැනටමත් එයාට කිව්වා එයාව විවාහ වෙන් නෑ කියලා.... "

Jk-" හ්‍යුන්ග් ,
මට දැං කියන්න ඇයි මිස් ජෙනී කිව්වේ හ්‍යුන්ග් ජීවිතෙන් ණයයි කියලා,
හ්‍යුන්ග් ඒවට බැදිලා ඉන්නවා කියලා "

TH-" මට ඔයාට කියන්න බැරි දෙයක් නෑ , මං කියන්නම් ..... "

Jk-" ඇයි ජෙනරාට ඔයා ණය ? "

කැප්ටන් , jeonව හරහට උස්සගෙන එයාගේ නිදන කාමරේට අරන් ගියා,
අරන් ගිහින් ඇද උඩින් වාඩි කෙරෙව්වා,
කැප්ටන් ඇදේ ඇලවෙලා jeonගේ උකුලෙන් ඔලුව තියා ගත්තා,
Jeon හිනාවෙලා කැප්ටන් දිහා බලලා කැප්ටන්ගේ කෙස් අතරින් එයාගේ ඇගිලි යවලා ඔලුව හෙමින් අත ගෑවා,

Jk-" ඇයි ජෙනරාල්ට ණය ? "

TH-" ම්ම්ම්.... මං මුල ඉදන් කියන්නම්කෝ,
එතකොට 1930 ගනන් වල අගභාගේ වගේ උන සිදුවීමක්. එතකොට මං ඉපදිලා නෑ. මගෙ අප්පා මං අහලා තියන විදියට කැප්ටන් කෙනෙක්,
ජෙනීගේ අප්පා ඒ කියන්නේ වර්තමාන ජෙනරාල් පවා මගේ අප්පා යටතේ,
ඒත් එයාටත් උසස් නිලයක් තිබිලා තියනවා, සමහරවිට ලුතිනන් හෝ ඊට වැඩි මොකක් හරි නිලයක්,.. "

Jk-" ආ....... "

TH-" 1938 වගේ කාලේ එතකොට අම්මට මාව ලැබෙන්න හිටියේ,
ඒත් එයාට ප්‍රශ්නයක් තිබ්බා රුධිර හීනතාවක් තිබ්බා,
ඒ කාලේ අම්මලට දරුවෝ ලැබුනේ ගෙවල් වල උනාට ,
අපෙ අම්මට මාව ගෙදර හම්බෙන එක අවදානම් "

Jk-" ඔව්.. ඒක අවදානම්, අම්මගේ රුධිර වහනය වැඩි උනොත් හරි නවතින් නැති උනොත් ඒ වගේ අවස්තාවක වෛද්‍යවරයෙක් නැතුව දරු උපතක් දෙන්න බෑ.... "

I met youWhere stories live. Discover now