TH-" මගෙ blossom මල, මං ඉන්නෙත් මේ කදවුරේමයි, අපිට නිතරම දකින්න පුලුවන් , හැම රෑම එකට ඉන්න පුලුවන්"

මේ දවස් තුන ඇතුලේ දෙන්නම දෙන්නගෙම ස්පර්ශයට ඇබ්බැහි වෙලා හිටියේ, විනාඩියක්වත් අතකින්වත් අල්ලන් ඉන්න බැරි තරමේ ඒකට ඇබ්බැහි වෙලා තිබ්බේ,
එයාලා කදවුරට ආවට පස්සේ කැප්ටන් එයාගේ සෙබලු එක්ක කාර්‍යබහුල වෙනවා, jeon නැගෙනහිර කූඩාරමේ වැඩ එක්ක කාර්‍යබහුල වෙනවා,
එයාලට දවල් කාලේ එකට ඉන්න තියන අවස්තාව අඩුයි කියලා දැනගෙන හිටියා, ඒත් හැම රෑම එකට ඉන්න පුලුවන් වෙයි කියලා හිතලා හිත සංසුන්ව හිටියා.

Jk-" හ්‍යුන්ග් ම~~~~"

Jm-" jeon shii...... ඔයා ආවද "

ඩොක්ටර් පාර්ක් එතනට ආවා,

Jm-" අහ්! කැප්ටන් ... "

TH-" පාර්ක්... කොහොමද , නිවාඩුව හොදින් ගත කරාද "

කැප්ටන් ගොඩක් සුහදශීලි කෙනෙක් වෙලා කියලා තේරුනා,
කැප්ටන් ඉස්සර වගේ නෙමේ, දැං ටිකක් වෙනස් වෙලා, කැප්ටන් මීට පෙර කාගෙවත් සුව දුක් අහන්න තරම් කා එක්කවත් සුහද උන් නෑ, ඒ වගේම දැං කැප්ටන්ගේ මූනේ ඉස්සර තරම් පීඩාකාරී බවක් නෑ. කැප්ටන්ගේ මූනේ පොඩි හිනාවක් නිතරම දකින්න තිබ්බා,

Jm-" හොදින්... ගොඩක් හොදින් ගත කරා....... ඔයාලත් නිවාඩුව හොදින් ගත කරන්න ඇති කියලා හිතෙනවා "

පාර්ක් දැනන් හිටියේ jeon ,කැප්ටන් දෙන්නා එකටමයි නිවාඩුව ගත කරන්නේ කියලා, ඒ දෙන්නගේ ගෙදරට යනවා කියලත් දැනන් හිටියේ.
මොකද ඒ දෙන්නගෙ සම්බන්දේ පාර්ක්ට රහසක් උන් නෑ,
පාර්ක් කියන්නේ jeonගේ සහෝදරයෙක් වගේ හැම වෙලේම jeonව තේරුම් ගන්නවා, හැම වෙලේම jeonගේ තනියට ඉන්නවා. jeonගේ හිත රිදුන, ප්‍රශ්න ආව හැම වෙලේම ලගින් ඉදලා ප්‍රශ්න වලට විසදුම් හොයා ගන්න උදව් කරා, එයාගෙම සහෝදරයෙක් වගේ.

ඒත් පාර්ක් අහපු ප්‍රශ්නෙට jeonගේ පපුව කලබලෙන් ගැහෙන්න ගත්තා,
ආයේ jeonගේ කම්මුල් රත් වෙලා මුලු මූනම රතු වෙලා ගියා.
එයාලගෙ නුවාඩුව හොදින් ගත කරපු විදිය මතක් උනා,
මේ වෙලාවේ කැප්ටන්ගේ මූන දිහා නම් විහිලුවටවත් හැරිලා බලන් නෑ කියලා jeon හිතුවේ එයා ලැජ්ජාවෙන් හිටපු හින්දයි.

I met youWhere stories live. Discover now