Jeon නාලා ඉවර උනාම කැප්ටන්, jeonව එක්කන් කාටත් නොපෙනෙන්න එයාගේ කුටියට එක්කන් යනවා ,
එක්කන් ගිහින් jeonව තුරුලු කරන් නිදා ගන්නවා. කැප්ටන් නින්දෙන් තුරුලු කරන් නිදාගන්න පුරුදු උන කෙනෙක්, ඒ වගේම jeon කැප්ටන්ගේ උණුසුමට පවා ගොඩක් ආදරේ කරා,
කැප්ටන්ගේ පපුවට තුරුල් වෙලා නිදා ගන්නකොට jeonගේ හිතට ලොකු සහනයක් දැනුනා.
හැම රෑකම ආදර දෙබස්, අනාගත හීන, සිපගැනීම් වලින් කැප්ටන්ගේ නිදන කාමරය පිරිලා ගියා.

එදත් රෑ එක ඇදේ නිදා ගත්තත් පාන්දර හෝ මැදියම් යාමේ jeon ඇහැරිලා බලනකොට කැප්ටන් ලග හිටියෙ නෑ.
කැප්ටන් එයා ලග නැති උනත් ඊට එහා පැත්තේ ඔෆිස් කාමරේ පහන් එලියක් තිබ්බ. ඒ වගේම කැප්ටන් කවුරු හරි එක්ක කතා කරනවත් , ඒ වගෙම කැප්ටන් කලබලෙන් මොනා හරි අදිනවා වගේ ඇහුනා.

Jeon නිදාගෙන හිටපු තැනින් බැහැල හෙමින් ඔෆිස් කාමරය පැත්තට ඇවිදන් ගියා, ඒ වෙනකොට ගොඩක් කලුවරයි.
ඔෆිස් කාමරේට ඇතුලු වෙන තැනට වෙලා නැවතිලා ඉදලා කැප්ටන් එක්ක කතා කරන්නේ සුපුරුදු කටහඩක් හින්දා  jeon ඔෆිස් කාමරයට ගියා.

Jk-" කැ...කැප්ටන් ඇයි... ඇයි මේ නිල ඇදුම් ඇදගෙන.....
ලුතිනන් yoongi ... ඇයි ඔයත් නිල ඇදුම් ඇදගෙන "

ඒ වෙනකොට කැප්ටන්ගෙත් , jeonගෙත් සම්බන්දේ ගෙන ලුතිනන් yoongi වගේම ඩොක්ටර් පාර්ක් දැනගෙන හිටියේ.මොකද විශ්වාසවන්ත එකම දෙන්නා ඒ දෙන්නා විතරයි.

TH-" jeon shii ඔයා ඇහැරුනාද? මට දැන් යන්න වෙනවා "

Jk-" කොහෙද ? "

Yg-" අපිට දැං පණිවිඩයක් ලැබුනා ආයෙත් සීමාවේ බටහිර පැත්තෙන් ප්‍රහාරයක්. ඒ පැත්තේ අපේ සෙබලු මදි ගොඩක්. එයාලට වැඩි කාලයක් වෙනකන් රදවගෙන ඉන්න බැරි වෙයි,
අපි දැම්ම නොගියොත් එයාලා ඉක්මනින් බටහිර සීමාව අල්ල ගනී"

TH-" ඒ හින්දා අපිට දැම්ම යන්න වෙනවා jeon shii "

Jeon කැප්ටන්ව බදා ගත්තා.jeonගේ ඇස් වලින් කදුලු බින්දු එක දෙක වැටෙන්න ගත්තා.

Jk-" ම..මාව ඇහැරුවේ නැත්තේ ඇයි"

Jeon පහත් ස්වරයෙන් කිව්වේ, කැප්ටන්ට තේරුනා jeon අඩන්න යන්නේ කියලා. කැප්ටන් jeonගේ පිට අත ගෑවා.

I met youOn viuen les histories. Descobreix ara