විසි එක්වන කොටස...

312 77 5
                                    

කාලය හරි ඉක්මනට ගෙවුනි.ජාන්ගේ සහ යීබෝගේ සම්බන්දය දවසින් දවස දලුලා වැඩේන්නට විය.ඒ වගේම යිබෝගේ පලතුරු ව්‍යාපාරයත් හොදින් කෙරීගෙන යන්නට විය.ජාන්ගෙ අධ්‍යාපන කටයුතු ද යීබෝ නිසා හොදින් කෙරුනි.දවසක් ජාන් සහ යීබෝ ජාන්ගේ ගම වෙත පැමිනියේ ජාන්ගේ මවගේ අනුස්මරණයටද ඔවුන්ට ඒමට නොහැකි වූ නිසාය.
ඔවුන් එහි පැමින ජාන්ගේ දෙමාපියන්ගෙ ස්මාරක අසල ලිලී මල්ද හදුන්කූරුද පත්තු කරන්නට විය.ජාන් ගොඩක් වෙල එයාලත් එක්ක කතා කරන්නට විය.පසුව දෙදෙනාම ඔවුන්ට වැද කාරය වෙත ආවෙය.

"ජාන් ඔහොම ටිකක් ඉන්න මට ඔයාගේ අම්මටයි තාත්තටයි කියන්න දෙයක් තියෙනවා."

"මොකක්ද බෝබෝ"

"ඔයා ඉන්නකො ඔහොම වාඩි වෙලා මන් එන්නම් ඉක්මනට"

යීබෝ නැවත හැරී දුවන්නට විය.

"අම්මේ තාත්තේ ඔයාල මාත් එක්ක තරහෙන් නෙද ඇත්තේ මන් ඔයාලගේ පුතාගෙ ජිවිතේ විනාස කරපු නිසා අනේ මට සමාවෙන්න එයාට නැති උනු හැමදේම මන් ආපහු දෙනවා මට ආශිර්වාද කරන්න අම්මේ තාත්තෙ මන් එයාට ඇත්තටම ආදරෙයි ඔයාල හැමදේම දන්නවනේ ඉතින් මට සමාවෙන්න ඒ වගේම ජාන්ව මට දුන්නට ඔයාලට ගොඩක් පින් මන් එයාව මගෙ ඇස් දෙක වගේ බලාගන්නව මන් පොරොන්දු වෙනවා🥺"
යීබො මෙසෙ පවසා කදුලු පිසදාගෙන නැවත කාරයට ගියේය.

"මැනික මොකද කියන්නේ  අපි කොහෙන් හරි කාලම යමු නේද දැන් රෑත් වෙලානෙ අනික  සෑහෙන දුරක් යන්නත් එපැයි"

"හ්ම් එහෙම කරමු ඒක නෙවෙයි බෝබෝ මොනවද අම්මටයි තාත්තා ටයි කිව්වේ"

"ආ කිව්වෙද මේ නපුරු හාව මට වද දෙනව කියල රෑට මගෙ මුලු ඇගම පහුරු ගානව කියල තව මට ඉන්න දෙන්නෙම නෑ කියලා"

"අනේ යනව යන්න නපුරා "

යීබෝ හිනාවිය.

මේ දෙන්නගෙ ආදර කතාව ඇරබුන දවසේ ඉදන් යීබෝ නිදාගත්තේ ජාන් ගාවමයී .ඒත් යීබෝ පොරොන්දුව තාමත් රකියි. රෑ වෙලා ඇවිල්ලා පාන්දරට යීබෝ එයාගේ කාමරේට යයි.ගෙදර අයට පේන්න එයාගේ කාමරේ නිදාගයී.යීබෝ දන්න තරම තමා ඒ ජාන් ඉතින් අක්කට කේලම් ටික කියන බව යීබෝ දන්නේ නැත🙈

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now