ජාන් උදෑසනම අවදී වී කොලේජ් යන්නට පඩිපෙල බැහැගෙන එන්නට විය. ඇත්තෙන්ම ජාන් අද සුදු පාට ශර්ට් එකට අලු පාටට හුරු ඩෙනිමක් ඇදගෙන සිටි අතර ඔහු එයට වඩාත් කැපේ පෙනුනිවංගුවෙන් වාහනය දානවත් සමගම වංගුව ඉස්සරහ ඇති ගෙදරින් පඩිපෙල බැහැගෙන එන ජාන් දෙස යීබෝ ඇසිපිය නොසෙලා බලා සිටින්නට විය. ජාන් මේ කිසිවක් නොදන්නා අතර යීබෝ ඇස් පිහද පිහද ජාන් දෙස වාහනයේ සිටම බලා සිටින්නට විය.
"ඈ බොල මට හැම මනුස්සයම අර හාවා වගේ පේන්න අරන්ද නෑ නෑ වෙන්න බෑ "
නැවතත් ඇස් පිහදගත් යීබෝ ජාන් නොපෙනී යනකම්ම කල්පනා කරන්නට විය. විනාඩි 10 ක් 15 ක් යනකම් යීබෝට මේ කිසිවක් අදහාගත නොහැකිව සියල්ලටම උත්තර සොයන්නට විය. අන්තිමට ඇනා මිස්ට කෝල් එකක් ගත්ත යීබෝ සියල්ල සැක හැර දැනගත් අතර යීබෝ සතුටට හයියෙන් කෑ ගහන්නට විය. ඔහු ඒ පිම්මෙම වාහනය පදවන්නට විය.
Bin's pov...
"අනේ මන්ද මේ යකා මොනව කරනවද කියලා උදේ පුදුම කුලප්පුවක් තිබ්බේ ඒත් තාම නෑ මන් දැන් පාරට ඇවිත් විනාඩ් 10 කටත් වැඩියිනේ මොකා එක්ක කතා කරනවද මන්දා ෆෝන් එකත් බිසී."
මෙසේ යීබෝට දෙහි කප කප සිටි අතර යීබෝගේ වාහනය එනවා දැක පාරට ලං විය. ඒත් යීබෝගේ වාහනය බින්ව පසු කරගෙන ගිය අතර බින් අන්දුන් කුන්දුන් වී කාරය පසුපස දුවන්නට විය.
"අඩේ කොහෙද යකෝ මී හරකෙක් වගේ යන්නේ ඕක නවත්තනවා "
බින් කෑ ගැසුවට වැඩක් නැත යීබෝ ඔහු පසු කරගෙන සෑහෙන දුරක් ගොස් ඇත.
"ඈ උට මොකාද වැහිල තියෙන්නේ මන් මොකක් හරි වැරැද්දක්වත් කරාද නෑ වෙන්න බෑ 🙈 හම්බෙයිනේ මන් බලගන්නම්කෝ ,"
YOU ARE READING
ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚
ספרות חובביםආදරය කරන්න ඔබේ දෑසට පෙනෙන දේට නොව ඔබේ හදවතට දැනෙන දේට.