දහඅටවන කොටස...

341 83 3
                                    

හිනාවේවී යීබෝ කිචන් එකට ගියේය.
"ගුඩ් මෝනින් ජාන්"
"ගුඩ් මෝනින්"
ජාන් එය පැවසූවේ වෙනදා ලෙසනම් නොව යීබෝගේ හිත රිදුනි.
ඒත් සමගම යීබෝට කෝල් එකක් ආවේය.
ඒ සිචෙන් සර්ගෙනි.
"යීබෝ තමුන් කොහෙද "
"මන් ගෙදර සර්"
"තමුන් ඊයේ රෑ කොහෙද හිටියේ"
"ගෙදර සර්"
"ඇත්තමද ඔය"
"ඔව් සර් ඕනේනම් ගෙදර අයගෙන් අහන්න "
"හරි මේ දැන්ම ශැංහයි ඔෆිස් එකට එනවා බින් වත් එක්කන්"
"ඕකේ සර්"
"අඩේ වැඩේ පත්තු වෙලාද "යීබෝ ෆෝන් එක අතේ තියාගෙන කල්පනා කරන්නට විය.
.......................................................................
මේ පුවත නිසා මුලු ශැංහයි නගරයම කැලබී තිබුනි. වඩාත්ම කලබල වූයේ ෆැන්ග් මන්ත්‍රී ගේ පිරිසය.

චටාස්. ....
ෆැන්ග් අතින් ස්මිත් ට දරුනු කම්මුල් පාරක් එල්ල විය.
"අයිසේ මන් තමුන්ට කිව්ව නේද ටිකක් ඉවසන්න කියලා ඈ යකෝ බලපන් උබ මාව කෑවා අරුන් දෙන්නා නිකමට හරි මගේ නම කිව්වොත් මන් මොකද කරන්නේ ආ උබට මන් කියන් නෑ මන් උබට පැයක් දෙනවා උන් දෙන්නගේ කටෙන් එක වචනයක් හරි ආවොත් මන් උබව මරනවා උබ උන් දෙන්නව ඉවරයක් කරපන්"
"සොරි බොස් සර් බයවෙන්න එපා මන් වැඩේ කරන්නම් සර්ට නොකිව්වේ වැඩේ කරලම කියන්න ඕනේ නිසා ඒත් වැඩේ ගැස්සුනා ඒක හොද ඩීල් එකක් සර් අපිට ලොකු ලාභයක් ගන්න තිබ්බ වැඩේ මේ පාර පොඩිවට කරේ ට්‍රයි කරල බලන්න ඒත් කොහොම උනාද මන්දා මේක සොරි බොස් "
"හරි දැන් පලයන් අපි මේ ගැන පස්සේ කතා කරමු උබ අරූන් ඉවරයක් කරපන්"
. ......................................................................
යීබෝ සහ බින් මූලාස්තානයට පැමිනියේය. සිචෙන් කිසිවක්ම නොකියා ඔවුන් දෙස බලා සිටින්නට විය.
"ගිහින් මගෙ ඔෆිස් එකට වෙලා ඉන්නව මන් එන්නම්"
"ඕකේ සර්"

"යකෝ තොට මන් එපා කිව්ව නේද මොකක්ද ඒ කරේ"
"කවුද මොනවද කරේ මන් මොකුත් දන් නෑ මන් ගේන් එලියටවත් බැස්සේ නෑ බොරුනම් අක්කගෙන් අහපන්" යීබෝ මුවින් පිටවන්නට ආ සිනහව මැඩ ගනිමින් බැරෑරුම් පෙනුමක් මවා ගන්න උත්සහ කලේය.
"අනේ පලයන් උබ හිතුවද මන් ගොන්නු බදින කනුවක් කියලා මන් දන් නැද්ද තෝ ගැන"
"එහෙනම් කට වහගනිම්"
මද වේලාවකට පසු සිචෙන් පැමිනි අතර යීබෝ සහ බින් නැගිට ආචාර කරන්නට විය.
"හ්ම් දැන් මොනවද තමුන්ට කියන්න තියෙන්නෙ"
"මොකුත් නෑ සර්"
"එතකොට මේ පාර ෆැන්ග් කාරයත් එක්ක තමුන්ලා පැටලුන් නෑ කියලද ඔය කියන්නේ "
"ඔව් සර්"
"අනේ අම්මපා මුන් දෙන්නා"
"මන් මොකුත් දන් නෑ සර්" බින් මැදින් පැන තනිව උත්තර දුන්නේය. යීබෝ ඔහුට හොරෙන් රවන්නට විය. නමුත් එය සිචෙන්ගේ ඇස ගැටුනි.
"ඇයි ම්ස්ටර් යීබෝ රවන්නේ"
"රැව්වෙ නෑ සර්"
"බොරුත් කියන්න එනවද ඉන්නවා තමුන්ලට මන් "
සිචෙන් බෙල්ට් පටිය අතට ගෙන ඔවුන්ට දඩුවම් දෙන්නට සූදානම් වීය.
"ඉවරයිනේ ඉතින් " බින් ඒ දෙස බලා වෙවුලන්නට විය. යීබෝනම් කපටි හිනාවක් දමා අනිත් පැත්ත බලාගන්න විය. යම් කිසි වරදක් කරපුවම ඔවුන් එය පිලිගන්නකන් බද පටියකින් කකුලේ පිටුපස කොටසට පහර දීම සිචෙන්ගේ දඩුවම් ක්‍රමයක් විය. ඔවුන්ගේ ප්‍රදානියා හැටියට ඔහු දෙන දඩුවම් වලට මොවුන් අවනත් විය යුතුමය.  සිචෙන් යටතේ මේ වන විට සිසුන් සිය දහසක් පුහුනුවීම් කර ඇත. නමුත් වැඩිපුරම බදපටියෙන් ගුටි කා ඇත්තේ යීබෝය. ඒ ඔහුට එපා කියන වැඩ නිතරම කරන නිසාය. ඔහුගේ ගොන් වැඩ නිසා අහිංසක  බින් ද හැමදාම ගුටිකයී. යීබෝනම් කෙතරම් ගුටි කෑවත් ඔහුගේ මතය වෙනස් කරන්නේ නැත. නමුත් අසරන බින් ඒ පටියෙන් දෙක තුනක් කද්දී හොද හැටි සියල්ල වමාරයී
සිචෙන් බෙල්ට් එක ගත්තා පමනි බින් කෑ ගැසුවේය. ඒ සිචෙන්ගේ ඒ පහරෙ රස හොදටම දන්න නිසාය.
"අනේ සර් මන් ඔවට නෑ යීබෝ තමා දන්නේ මන් දන් නෑ අප්පා ඕකෙන් ගහන්න නම් එපා"
"අපෝ පොල් බූරුව උබ හැමදාම ඔහොමයි"
"කොහෙද යීබෝ තමුන්ගේ සංවරකම"
"සොරි සර්"
"හරි බින් එලියට යන්න යීබෝ ඔයා ඉන්න"
යීබෝ බින්ට රැව්වේ හිටපන් එනකම් ලෙස ඉගිකරමිනි.
"දැන් තමුන් මට ඇත්තම කියනවා"
ඉතින් යීබෝ ඔහු දැනගත් දේ කියන්නට විය.
"ඒ කියන්නේ තමුන් එදා රේගුවට ඔත්තුව දුන්න එහෙමනේ"
"ඔව් සර් උන්ට හොයාගන්න බෑ කීයටවත් "
"කට වහනවා යීබෝ මන් තමුසෙට කිව්ව නේද ඒ ගැන මන් බලාගන්නම් කියලා තමුන් කොහොමද එහෙම මට විරුද්දව වැඩ කරන්නේ තමුන්ගේ තහනම දීර්ග කරනව යනව දැන් මෙතනින් ආයේ මෙහෙම උනොත් මන් තමුසෙව අස් කරනවා "
"අස් කෙරුවනම් හොදයි"
"මොකක්ද තමුන් කිව්වේ "
"මොකුත් නෑ සර් මන් යන්නම් මගේ වැස තහනම් කරලා සර් සතුටින් ඉන්නකෝ එහෙනම් 😏"
යිබො එතැනින් එලියට ආවේය. ආවේගය නිස බින්වත් එතැනම දමා යීබෝ පිටවිය.
"ඒ බෝ බෝ මාව එක්කන් පලයන්"
"සර්ට කේලම් කිව්වනම් සර් එක්ක වරෙන් " යීබෝ යන ගමන් කෑ ගසන්නට විය.
අසරන බින් 😅😅
........................................................................
යීබෝ නිවසට ගොඩ වෙද්දී යැන්ලි චෙං ජාන් සියලු දෙනා එක් රැස් වී සිටින්නට විය.
"මොකද කට්ටිය වට සාකච්චාවක"
යැන්ලිගේ මූනත් හරි නැත.
"යීබෝ ජාන්ට යන්න ඕනෙලු"
"කොහෙද ආ කොහෙද "
යීබෝ කලබල විය.
"එයාගේ ගෙදරට"
"ඒ ඇයි හදිසියේම ආ ජාන් ඇයි ඔයාට කවුරු හරි මොනව හරි කිව්වද" යීබෝ ජාන් ලගට පැමින අසන්නට විය. ඒත් ජාන් පිටුපසට විය.
යීබෝට සියල්ල වැටහුනි.
"ආ හරි හරි මට තේරුනා මේ ඊයේ වෙච්ච දේ නිසා නේද හරි හරි යන් මන් එක්කන් යන්නම් නගින්නකෝ කාර් එකෙන්ම ගිහින් දාන්නම් "
. යීබෝගේ හිතේ තිබූ සියලුම කේන්තිය මේ වෙලේ පිටකරන්නට විය.
"කෝ එනවා යන්න "ජාන්ගේ අතින් ඇදගෙන යීබෝ ආවේය. යැන්ලි ද පිටුපසින් ආවත් යීබෝ ඇයට ඇහුන්කම් දුන්නේ නැත. චෙන් යැන්ලිව නවත්වන්නට විය.
"බයවෙන්න එපා එයා ජාන්ව ගිහින් දාන් නෑ දෙන්නම ආපහු එයි"
"ඒත් "
"මන් කිව්වනෙ අපි යමු ඇතුලට ජාන්ට යන්න හිතෙන්න හේතුව යීබෝ දන්නව එයා ඒක බලාගයි අපි යමු"
යැන්ලි චෙංගේ කීමට ගෙට ගියේ පිටුපස බලමිනි.
"අනේ බෝ බෝ අතාරින්න මට රිදෙනවා"
ජාන් යීබෝ පසුපස ඇදී යන්නට විය.
ජාන්ව කාරයට දමාගත් පසු යීබෝ හයියෙන්ම වාහනය පදවන්නට විය.
ජාන් හා පැටියෙක් සේ බිය වී වෙව්ලන්නට විය.
යීබෝගේ කාරය නැවතුනේ ඔහුගේ ෆාම් හවුස් එකේය. යීබෝ මෙහෙ එන්න සිතා සිටියේ නැතත් ඔහුව ඇදුනේ මෙහෙටය. අන්තිමට ස්ටියරින් වීල් එකට අත මිට මොලවා ගසා ඔලුව එහි ගහගත්තේය. ටික වෙලාවක් එලෙස ඉද යීබෝ ජාන් දෙස බලන්නට විය. ඔහු තාම සිටියේ වෙව්ලමිනි. හිමීට යීබෝ ජාන්ගේ අත අල්ලාගත්තේය.
"ජාන් මට සමාවෙන්න මන් කලබල උනා ඔයා මාව දාලා යන්න හදන්නේ ඇයි ජාන් ඔයාට මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද මන් එදා මොකුත්ම කරේ නෑ ඇත්තමයී එයා තමයී තමයී. ...."
යීබෝ ඉකිගසා අඩන්නට විය. ජාන්ට ඔහු ගැන අනුකම්පා හිතුනි. ඔහු කලකට පෙර දැකපු ඒ මැරය ඔහු තුලින් ඇත්තටම දැන් ජාන් දැක්කේ නැත. ඒ වෙනුවට ඔහු දැක්කේ ජාන්ව ඉතා ආදරයෙන් රැකබලාගන්න පියෙක් වැනි කෙනෙකි.
ඉතින් ජාන්ට යීබෝ ගැන දුක. සිතුනි. ඇත්තෙන්ම ඔහුගේ හිතේ යිබො ගැන තරහක් නොතිබුනි. ඔහුටද යීබෝව දමා යාමට ලෝභය. නමුත් යැංසි කිව් දෙ නිසා ඔහු මේ තීරනයට පෙලබුනි. නමුත් ජාන්ට එය පවසන්නට ලැජ්ජාවක් ඇතිවිය.
"අනේ බෝ බෝ අඩන්න එපා ඔයාගෙ වැරැද්දක් නෑ මමයි වැරදි ඔයා තව කොච්චර කල් මාව බලාගන්නද ආ ඔයා ගොඩක් දේවල් මන් වෙනුවෙන් කරා ඉතින් මන් නිසා ඔයාට ප්‍රශ්න ඇති වෙනවට මන් කැමති නෑ අනික ඔයා මට අනුකම්පා කරනකොට ඒකත් මගේ හිතට වදයක් 😔"
ඉතින් මෙච්චර කල් හිතේ හිරකරන් හිටපු ආදරය තවත් නම් අගුලු දා සිර කර නොහැකිය. යීබෝට ඕන උනා ඔහුට ආදරෙයි කියන්න. ඔව් පස්සේ මොන දේ උනත් ඔහු වයිර කලත් කමක් නැත. ඔහු යීබෝට ආදරය නැති වුවත් කම් නැත. ඔහුට ඕනේ උනා ඔහුගෙ හැගිම් මුදාහරින්නට.

එලියෙ යන්තම් පොදක්ද කඩා හැලුනි.

"ජාන් කවුද කිව්වෙ ඔයා මට කරදරයක් කියලා ආ කවුද කිව්වේ මන් ඔයාට අනුකම්පා කරනවා කියල ජාන් මන් ඔයාට ආදරෙයි ජාන් ඔයා දැක්ක දවසේ ඉදන් මන් ඔයාට ආදරෙයි තවත් හංගන් ඉන්න බෑ මට මේක ඔයා මගේ පන ඔයාගේ ඇස් දෙකට හොරෙන් මන් ආදරේ කලා හැමදාම ඉස්සරහටත් එහෙමයි පන මගේ රෝස මල මන් ඔයාට ආදරෙයී සත්තයී ඔයා මට වයිර කරත් කමක් නෑ මන් ආදරෙයි මන් දන්නේ එච්චරයී.
"ඒත් යීබෝ ඔයා ඔයා. .."
"ඔව් මන් දන්නවා ඔයා මට ආදරේ නෑ කියල කමක් නෑ ඒකට"
යීබෝ අඩම අඩම කාරයෙන් එලියට ඇවිත් වැස්සේම කාරයට පිටදී සිටගත්තේය. ඔහුට කාරයෙන් එලියට ඒමට උවමනා විය. එසේම ඔහුගේ ඉකිය වැඩි විය. වැස්සේම ඔහුගේ කදුලු පිට විය. රූරා හැලුනු පොද වැස්ස යන්තන් සැර විය.
ජාන් කාරයෙන් එලියට ආවේය. හිමින් කාර් එක අල්ල අල්ල ජාන් යීබෝට කතා කලේය.
"බෝ බෝ කෝ ඔයා බෝ"
"ආ ජාන් ඔහොම ඉන්න මන් එන්නම් ඇයි එලියට ආවෙ තෙමෙනවනේ"
"ඉතින් ඔයත් තෙමෙනවනේ "
"මන් තෙමුනට කමක් නැ ඔයා තෙමෙන්න එපා  ඔයා ලෙඩ වෙයි"
"ඉතින් ඔයත් ලෙඩ වෙයිනේ"
"ආ හරි අපි දෙන්නම එන්න ඇතුලට යමු"
"කොහෙද බෝදි බෝ "
"ආ මේ මගේ ෆාම් හවුස් එක මෙහෙ ගෙයක් තියෙනව ඒක ටිකක් පොඩි හුරුබුහුටි ගෙයක් කෝ යන්කෝ ඇතුලට"
ජාන් සහ යීබෝ නිවස දෙසට ගියේය.
........................................................
මතු සම්බන්ධයි 😍
සත්‍ය කතාවක් නොවේ.

කතාව කියවන වෝට් කමෙන්ට් කරන ඔක්කොටම ආදරෙයි පැලෙන්න 😍😍
තවත් කොටසකින් සදුදට  මුනගැහෙමු
😍😍😍😍😍😍😍😍💛💛💚💚❤️❤️

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now