දාහතරවන කොටස...

393 83 8
                                    


        යැන්ලිගේ වදන් නිසා ජාන් අපහසුතාවයට පත්වන්නට විය.
"අනේ මන්දා මන් කොහොමද එහෙම නතර වෙන්නේ මන් පොට්ටයෙක් ඒක එයාලට කරදරයක් වෙයී මට එහෙම එයාලට කරදර කරන්න බෑ එයාල මන් වෙනුවෙන් දැනටමත් ගොඩක් දෙවල් කරා ඔව් එයාලා නිසා මන් සතුටින් හිටියා දවසකට හරි එයාලා මගේ පවුල උනා ඉතින් ඉතින්😪 අනේ මන්දා මට බෑ මෙහෙ ඉන්න අක්කගේ හිත රිදෙන් නැතිවෙන්න මන් කියනවා 😪"
ජාන් තමන් එක්කම කතා කරන්නට විය.
ජාන් ආත්තම්මව බලන්න යන්න ලෑස්ති වී හිමින් හිමින් පඩිපෙල බහින්න විය එය දැක යැන්ලි දුව විත් ජාන්ගෙන් අල්ලගන්නට විය.
"අනේ ඇයි ජාන් කතා කරේ නැත්තේ බලන්නකො ඔයා වැටුනනම් එහෙම "
ජාන් හිනා වුනා පමනි.
"කෝ වාඩිවෙන්න දැන් බෝ එයි එයා අයුවැන් එක්ක කඩේ ගියා. "ජාන් ඔයා ඉන්න කැමතිද අපිත් එක්ක "
"අක්කේ ඉන්න ආසයි ඒත් ඔයාලට කරදරයක් වෙන්න බෑ මට මන් ලගනේ ඉන්නේ ඔයාලට මාව බලන්න එන්න පුලුවන් මාත් යාලුවොත් එක්ක හරි එන්නම් පුලුවන් හැම වෙලාවකම බෝත් ඉන්නවනේ 🙈".
ඉතින් ජාන් තම අදහස පවසා අවසන් ය. යීබෝ මෙ සියල්ල අසා සිටියාය  ඔහු ජාන්ටවත් යැන්ලිටවත් කතා නොකොට අයුවැන්ද රැගෙන කාමරයට වැදුනි.
යැන්ලි ජාන් දෙස බල දිගු හුස්මක් පිට කරේය.
"හරි ජාන් ඔයාගෙ කැමැත්තනේ ඒක මන් බල කරන් නෑ එත් තව පාරක් හිතන්න"
යැන්ලි නැගිට කුස්සියට ගියේය. ටික වේලාවකින් අයුවැන් පහලට පැමින ජාන් ගාවින් වාඩි විය.
පොඩි කොල්ලා ජාන්ගේ මූන අල්ලන්නට විය
"සෝස මල ඔයා නන්නද නන්නේ"
"සෝස මල මන්ද මැනික ආ "
"ඕ  උයා අපේ සෝස මල"
"හී හී පන්ඩිතයා මන් යන්නම් ඒත් ගිහින් එන්නම් හොදද ඔයාව බලන්න"
"නන්න එපා මෙහෙ ඉන්න අපේ මාමි අඩෝනෝ උයා නනව කියලා නන්න එපාකෝ මාමි පව්නේ"
පොඩි එකා ජාන්ගේ මුලු මූනම අතගාමින් ඔහුට තේරුනු ඇහුනු දේ ජාන්ට පවසන්නට විය.
"සෝස මල නන්න ගියොත් මාත් තලායී මාමිත් තලායී මාමි ආයේ ඌවා කලගනී නන්න එපාකෝ චොකෝ අරන් දෙනව දියේ නැත්තම් "
පොඩි එකා කට උල් කර කර කියන වචන වලට ජාන්ගේ ඇස් තෙත් විය ජාන්ගේ මුහුනේ දග කරන අයුවැන්ගේ අත ජාන් අල්ලගන්න්ට විය
"කෝ එන්නකෝ පන්ඩිත කොල්ලා ම්ම් මන් ගියේ  නැත්නම් ඇත්තටම චොකෝ දෙනවද ආ"
"ඕ අපේ මාමි දාව ගොඩක් තීනවා"
"එහෙනම් මට ඉල්ලන් ගෙනත් දෙන්න ඈ "
"උයා නනවනේ😔"
"නැ මන් නන් නෑ "
"ඇත්තටම යන් නැද්ද ජාන් "
යීබෝට ඔහු හැංගී සිටි තැනින් එලියට පැන හයියෙන් අසන්නට විය. යැන්ලිද එ සද්දයට සාලයට ආවේය.
"ඔයානම් බෝ කපටියී පොඩි ලමයව එව්වා නේද මගේ අදහස වෙනස් කරන්න"
"එහෙමමත් නෑ මන් එයාට කිව්වේ අපේ සෝස මල යන්න යන්නේ කියලා"
"ඒක තමා කොල්ල රෝසමල කිව්වේ ඔයානම් යීබෝ"
"අනේ ජාන් ඒව වැඩක් නෑ කියන්නකෝ ඉන්නවද කියලා"
"හ්ම් මන් ඉන්නම් ඒත් ඔයාලට වදයක් උනොත් කරන්න දෙයක් නෑ ඔන්න හරිද 😌 "
"යෙස්" බෝ උඩ පනින්නට විය. යැන්ලිද සතුටින් ජාන් අසලට පැමින ඔහුගේ ඔලුව අත ගාන්නට විය."ඔයා හොද තීරනයක් ගත්තේ මන් ඔයාව හොදට බලාගන්නම්"
යීබෝද ජාන් අසලින් බිම වාඩි වී ජාන්ගේ එක අතක් අල්ලගන්නට විය.
"සත්තයී මන් ජීවත් වෙනකම් මොන දේ උනත් දුරින් ඉදන් හරි බලාගන්නවා" ජාන්ගේ හිත යීබෝගේ වදන් හමුවේ අමුතු හිරියකින් හිරි වැටී ගියේය. ජාන් ටික වේලාවක් එලෙසම හිද යීබොට සිනාවක් පා අත් මුදාගන්නට විය. 
"මේ කොල්ල තමා මාව රැවැට්ටුවේ දෙන්න ඕන ලොකු උම්ම එකක් 😌"ජාන් අයුවැන්ගේ අත හාදුවකින් සරසන්නට විය.
"අපිත් ඉන්නවා 😏" යීබෝ හිමින් පවසන්නට විය.

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now