තිස්හයවන කොටස...

281 68 3
                                    

යීබෝ හා බින් යන්තම් දවල් වෙද්දී ඔවුන් හිතන විදිහේ සැක සහිත කෙනෙක් සොයා ගැනීමට සමත් විය.ඉතින් තොරතුරු සොයාගත් පසු ඔහු ජිවත් වෙන නිවස ශැංහයි නගරයෙ ඉදන් වැඩි දුරක් නොවන ගමක පිහිටා තිබූ නිසා ඔවුන් එහි ගියේය.ඒම නිවස ඉතා කුඩා එකක් වූ අතර වට පිට බලන විට එහි දවස් ගානකින් මිනිස් පුලුටක් වත් නොසිටි බවට ලකුනු පහල විය.නමුත් යීබො මුලු නිවස වටේම ඇවිදින්නට විය.නිවසට පිටුපසින් කුඩා වන රොදක් වූ අතර යීබෝ ඒ අවට චෙක් කරන්නට විය.නිවස පිටුපසද යීබෝ වැඩි අවදානයක් යොමු කර බලන්නට වූ අතර එහි තිබු ඩස්ට්පින් එකේ ස්නැක් බියර් ටින් වගේම කුඩා සුදුපැහැති කවර වගයක්ද විය.යීබෝ ඒ සියල්ල ඇද බිමට දමා එකින් එක චෙක් කරන්නට වු අතර බින් වන රොදේ ටිකක් ඇතුලට ගියේය.ඩස්පින් එකෙ ඇති සුදු කවර වලින් කොකේන් සුවදක් එන්නට විය. ඔව් යීබෝ සිතුවා හරිය.ඒවා කොකේන්  නමැති මත්ද්‍රව්‍ය ඔතන ලද කවර  විය.

"මූ ගල් ආදෙක්නේ "

යීබෝ එලෙස සිතමින් සිටිද්දී බින් කැලයේ ඉදන් දුවගෙන ආවේ හතිලමින් ය.

"මොකද යකෝ නිකන් වල් ඌරෙක් පන්නනව වගේ දුවන්නේ "

"මේ මේ... අර කැලේ ..ඇතුලේ ටිකක් එහාට වෙන්න පොඩි අඩිපාරක් තියෙනවා පේන් නැති උනාට "

"මොකක් "

"ඔව් බන් ඒක ලේසියක්ට පේන් නෑ මන් ටිකක් ඇතුලට ගියා ඇතුලේ සාමනයෙන් පොඩි ලැලි ගහපු  නිකන් මඩුවක් වගෙ ගෙයක් තියෙනවා ..."

"අඩේ සිරාවටම "

"නෑ ධමනියට මගුලක්.කියවනවා පනින් නැතුව ටිකක් අහන් හිටපන්කෝ"

"ආ කියපන් ඉතිම් "

"ඉතිම් ඒක ඇතුලේ කවුරු හරි ඉන්නවා මන් හිතන්නේ ඒ ඉන්නේ මෑන්ස් "

"යකො ඕක නේද තො මුලින්ම කියන්න ඕනේ උබනම් මහ වල් ඌරෙක් මෙන්න මෙහෙ වරෙන් යන්න"

"යකෝ මන් මොකක්ද කරෙ ඒක මුලින් කිව්වම විස්තරේ ගැලපෙන් නෑනේ "

"ඔව් ඔව් උබ විස්තර ගලප ගලප ඉද්දී පෙරහැර ගිහින් කෝ යමන් පෙන්නපන් පාර"

යීබෝ හා බින් හිමින් පදුරු වලට මුවා වෙවී බින් කිව්ව තැනට ආවේය.ඇත්ත තමයි ඒකේ කවුරු හරි ජීවත් වෙනවා යීබෝ හා බින් ප්ලෑනක් ගසා නිවසට කඩා වැදුනි.ඔවුන් නිවසට කඩා වදිනවත් එක්කම ඒ ඇතුලේ හිටපු මිනිහා කඩාගෙන බිදගෙන දුවන්නට විය.යිබෝද එතැනින් පැන ඔහු පසුපස දුවන්නට විය.බින්ද යීබෝ පසුපස.ඇදුනි.

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now