Sehun : මටත් මේ වුවමනාට ආවේ නෑ තමුසෙගේ මූන බලන්න. අප්පා කිව්ව නිසා මං මෙතනට ආවේ.

Sung-hee : එහෙනම් දැක්කනේ.. දැන් ඉතින් යනවා.

සන්හී කියන එක sehun ගනන් ගන්නේ නැතුව හැරුනේ ජින් දිහාවට.

Sehun : මේ තමුසේ පොඩ්ඩක් එලියට යනවාද මට මගේ wife එක්ක පොඩ්ඩක් නිදහසේ ඉන්න දීලා.

ඒ කිව්ව දේන් ජින් පුදුම වුනත් ඒ කිසිම හැගීමක් පෙන්නන්නේ නැතුව ජින් එතනින් යන්න පුටුවෙන් නැගිට්ටත් සන්හී ආයෙත් ජින්ගේ අතින් ඇදලා පුටුවෙන් ඉන්දුවා.

Sung-hee : ජින් ඔයා කොහෙවත් යන්නේ නෑ. අනික මොකද්ද ඔයා ඒ කිව්වේ sehun?? Wife??? අපි දෙන්නා තව marry කරලත් නෑ. එහෙම වෙන්න ඕනෙත් නෑ. බොරුවට මෙතන වීරයා වෙන්නේ නැතුව යනවද යන්න මෙතනින්.

Sehun : කොහොමත් ඔය සද්දේ මාව marry කරනකම් විතරයි. ඊට පස්සේ තමුසේ ඔය කියන කියන වචනයක් වචනයක් ගානේ තමුසෙට විදවන්න වෙනවා Jeon Sung-hee. අන්න ඒක හොදට මතක තියාගන්නවා.

Sung-hee : තමුසේ කියන කියන පදේට මං නටයි කියලා හිතනවා නම් Jeon Sung-hee ගැන තමුසේ දන්නේ නෑ. Get the hell out from my office. NOW!!!!

සන්හී කෑහැහුවට පස්සේ sehun එතනින් යන්න ගියා. මේ marriage එකට කොහොමත් සන්හී කැමති වුනේ නෑ. ජන්කුක් පවා උඩින්ම මේකට විරුද්ධ වුනත් අන්තිමට සන්හීට ඒකට කැමති වෙන්න වුනේ එයාගේ අප්පාගේ කීමට. සන්හී, ජන්කුක් හැමවෙලේම හිතුවේ මේක business නිසා වෙන්න යන marriage එකක් කියලා. ඒත් සමහරවිට එහෙම නොවෙන්නත් පුලුවන්.

Jin : මැඩම් එහෙනම් මං පස්සේ එන්නම්.

ජින් එහෙම කිව්වේ එයා හොදටම දැනගෙන හිටියා සන්හී දැන් ගොඩක් තරහින් ඉන්නේ කියලා. සන්හිත් ජින්ගේ මූණ දිහාවත් බලන්නේ නැතුව හා කියන්න වගේ ඔලුව වැනුවේ එයා කතා කරොත් අනිවාරෙන් ඒ තරහ ජින්ගේ පිටින් යනවා කියලා දන්න නිසා. ජින් සන්හීගේ cabin එකෙන් එලියන යනවත් එක්කම sehun එයාට කතා කරා.

Sehun : යාහ්හ්හ්

Jin : මටද

Sehun : ඔව් ඔව් තමුසේ තමයි මෙහෙට එනවා.

Jin : ඇයි මොකද්ද ප්‍රශ්නේ??

Sehun : ප්‍රශ්නේ තමා ඔහේ. හෙට ඉදන් මෙහේ වැඩ කරන එක නවත්තන්න ඕනේ. මං කැමති නෑ මගේ girlfriendගේ office එකෙ තමුසේ වැඩ කරනවට.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now