Jk-" ඇයි කැප්ටන් අපිට බැරි අපිට ඕන විදියට ඉන්න , "

TH-" අපිට ඕන විදියට ඉන්න පුලුවන් උනා නම් මේ වගෙ යුද්ද කවදාවත් තියෙන් නෑ....
අපිට අපේ හැගීම් වලට මුල් තැන දීලා තීරණ ගන්න තිබ්බා, ඒත්..... එහෙම කරන්න බෑ. අපිට හැගීම් වල දාලා ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්න වෙලා jeon ,
මං ඒක ඊයේ තේරුම් ගත්තා "

Jeonගේ ඇස් වලට කදුලු බින්දු එකතු උනේ කැප්ටන්ගේ වචන වල තිබ්බ තේරුම වගේම ඒ වචන කියපු විදියට jeonගේ හිත ගොඩක් රිදුන හින්දයි,

TH-" jeon අපි පොඩි දරුවෝ නෙමේ, අපිට අපිව පාලනේ කර ගන්න පුලුවන් වෙන්න ඕනේ. අපිට අයිති පාරේ අපි යන්න ඕනේ "

Jeon ඇස් තදින් වහ ගත්තා, jeon ඇස් හෙමින් ආයෙත් ඇරියේ කැප්ටන්ගේ අත jeonගේ නලලේ ගෑවෙනවා තේරෙනකොටයි.

TH-" ඔයාට හොදටම උණ, ඇයි අසනීප උනේ  , ඇයි කෑවෙ නැත්තේ...
ඇයි ඔයාගෙ ඇස් ඉදිමිලා,
Jeon මට ඔයාව මෙහෙම ඉන්නවා බලන්න බෑ, කරුණාකරලා අසනීප නොවී ඉ~~~~~~ "

" jeon shii.........."

කැප්ටන් කතා කර කර හිටපු එක නැවැත්තුවේ එක පාරම කූඩාරමට කවුරු හරි ආව හින්දයි. ඒ ඩොක්ටර් පාර්ක් නම් නෙමේ. ඒත් මේ කටහඩ,

Jk-" සො..සෝල්ජර් hyunsik "

H-" ඔයාට කොහොමද , ඔයාට මොකද උනේ .... ඔයා හොදින් නේද,
මං ගොඩක් කලබල උනා "

Hyunsik ඉක්මනින් jeon ලගට කලබලෙන් වගේ ඇවිත් වාඩි උනා. කැප්ටන් ඇහිබැම අකුලලා බැලුවේ hyunsikගේ හැසිරීම ගෙන කිසිම තෘප්තියක් තිබ්බේ නැති හින්දා,
Hyunsik, jeonගේ නලලට අත තියන්න හැදුවත් කැප්ටන් hyunsikගේ අතින් අල්ල ගත්තා.

H-" කැ..කැප්ටන් .. "

TH-" ඇයි "

H-" මං jeonගේ උණ පරීක්ෂා කරන්න හැදුවේ "

TH-" jeonගේ උණ පරීක්ෂා කරන්න ඔයා ඩොක්ටර් කෙනෙක් නෙමේනේ, ඔයා සෙබලෙක්. "

H-" ඒත් කැප්ටන් උණ පරීක්ෂා කරන්න ඩොක්ටර් කෙනක් වෙන්නම ඕනේ නෑනේ..."

TH-" දැනටමත් එයාගේ උණ පරීක්ෂා කරා මං  .
අනික එයාලගෙන් අවසරයසක් නැතුව මෙහෙ සේවයට ආව කිසිම වෛද්‍යවරයෙක් අල්ලන්න බෑ, මොකද මේ ආව වෛද්‍ය කණ්ඩායමේ හැමෝම මගෙ වගකීමක්"

I met youحيث تعيش القصص. اكتشف الآن