ටිකකින් ජෙනී , ආවා...ඒ පස්සෙන්ම කැප්ටන්ගේ අම්මත් ආවා,
අම්මා වයස 50 විතර කාන්තාවක්,
ඒත් ලස්සනයි, තවමත් ලස්සනයි,
කැප්ටන් එච්චර කඩවසම් වෙන්න හේතුව අම්මා දැක්කම කියන්න පුලුවන් , මොකද අම්මත් ඒ තරම් ලස්සනයි.

G-" kim jehea වාඩි වෙන්න"

කැප්ටන්ගේ අම්මා ඔලුව වනලා වාඩි උනා.

G-" කිම් දැං කියන්න ඔයා කවද්ද මේකට ලෑස්ති වෙන්නේ "

TH-" ජෙනරාල් මං තවම ලෑස්ති නෑ, මට තවම ටික කා~~~~~~~~ "

G-" මොනාද මිනිහෝ කියන්නේ, හැමදාම ඕක කියවන්නේ,
මගෙ දුව වයසට යනවා..... "

කැප්ටන්ට කේන්ති ගියේ ජෙනරාල්ගේ හැසිරීමට.කැප්ටන් කවදාවත් කාගෙවත් පාලනේට ඉන්න කැමති කෙනෙක් නෙමේ.
ජෙනරාල් ,ජෙනරාල්ගේ දුව එයාලට ඕන විදියට ජීවත් වෙන්න කැප්ටන් කිම්ට කවදාවත් ඕනේ උනේ නෑ ....
කැප්ටන් අත මිටමොලවන් ,දත්මිටි කාගෙන ඉවසන් හිටියා.

Je-" අප්පා..... කෑ ගහන්න එපා"

G-" ඔයාගේ වයසේ හැම කාන්තාවකටම මේ වෙනකොට ලමයි ඉන්නවා,
ජෙනී බලන්න දැං ඔයාට 23ක්.
ඔයාගේ තරුණ කාලේ ගෙදරට වෙලා නාස්ති කරන්න ඕනෙද,
ඔයාට තවත් කල් තියනවා තීරණයක් ගන්න "

Je-" අප්පා මට ඕනේ කිම් ව විතරයි, කවදා හරි විවාහ වෙන්නේ කිම් එක්ක,"

Jeonගේ ඇස් වලට කදුලු ආවත් jeon ඇහිපිය ගහලා කදුලු නතර කර ගත්තා.

Je-" ඔප්පා..... "

TH-" ජෙනී කියන්න "

Je-" ඔප්පා, මට මේ අවුරුද්ද ඇතුලත විවාහ වෙන්න ඕනේ "

TH-" ජෙනී ඒත් මං තවම~~~~ "

Je-" මං කිව්වොත් මේ අවුරුද්දේ විවාහ වෙනවා කියලා ඒ මේ අවුරුද්දෙම තමා,
අමතක කරන්න එපා ඔයාගේ අම්මා අපේ ගෙදර වැඩ කරනවා කියලා,
ඒ වගේම ඔයාගේ ඔය කැප්ටන් තනතුර අපෙ අප්පට සතියෙන් අයින් කරන්න පුලුවන් කියලා,
ඔයා තවමත් ඔයා ගෙන ලොකුවට හිතන් ඉන්න එපා,
ඔයා ඔතන ඉන්නේ මගෙ අප්පා හින්දා ,
එයා උදව් කරපු හින්දා,
ඔයා එයාට තවමත් ණයයි....
ඔයාගේ ජීවිතේ වගේම, ඔයාගේ අම්මගේ ජීවිතෙත් ණයයි....
ඒ ණය ගෙවන්න තියන එකම විදිය මේක .....
මාව මේ අවුරුද්දේම විවාහ කර ගන්න එක එහෙම නැත්තන් මැරෙන එක විතරයි"

I met youWhere stories live. Discover now