Jm-" සුබ රාත්‍රියක් කැප්ටන් "

කැප්ටන් කිම් එතනින් යන්න ගියා, mr.park ඈතට ඇවිදගෙන යන ඒ කඩවසම් පිරිමියා දිහා ටික වෙලාවක් බලන් ඉදලා කූඩාරම ඇතුලට ගියා,

කැප්ටන් කූඩාරම ලගින් ගිහින් ටික වෙලාවකින් jeon කූඩාරම ඇතුලට ඇතුලට ආවා...
Jeon එදා කූඩාරමට ආවේ පාර්ක්ට වඩා පරක්කු වෙලයි.

Jm-" ආහ්! jeon shii..... "

Jk-" කියන්න පාර්ක් හ්‍යුන්ග් "

Jm-" කැප්ටන් ආවා..... "

Jk-" කැ..කැප්ටන් , මොකද කිව්වේ... එයා මොකද කිව්වේ..... "

Jm-" හෙට අගනුවරට යන්න ලෑස්ති වෙන්න කිව්වා. "

Jk-" මොකක්, මට කැප්ටන් එක්ක අගනුවරට යන්න......
මං... මං හිතුවේ කැප්ටන් මාව ලුතිනන් yoongi එක්ක යවයි කියලා "

Jeonගේ ඇස් වල තිබ්බේ කලබලයක්. ඒ වගේම හිත ඇතුලෙන් අමුතු සතුටක් දැනුනා.කැප්ටන් එයාම හොයාගෙන ඇවිත් අගනුවරට යන්න එයා එක්ක එන්න කියයි කියලා jeon කවදාවත් හිතුවේ නෑ.

Jm-" ඒත් එයා ඔයාට එන්න ලෑස්ති වෙන්න කිව්වා. එයත් යනවා කියලා "

Jk-" දෙවියන්ට ස්තූති වේවා, මං හිතුවේ මං එදා කරපු දෙයින් පස්සේ කැප්ටන් මට කතා නොකරේ මාත් එක්ක තරහින් කියලා...... "

Jm-" ඇයි එදා මොකද කරේ..... මොකද්ද සිද්ද උනේ ".

Jk-" මං..... මං කැප්ටන් කිම්ගේ කම්මුල සිප ගත්තා.....
ඇත්තටම හේතුවක් දන් නෑ,
එයා මට එච්චර ලං උනා,
මට මාව පාලනේ කර ගන්න බැරි උනා"

පාර්ක්ගේ ඇස් ලොකු උනා.එයාට හිතා ගන්න බැරි උනා. Jeon කැප්ටන්ගේ කම්මුල සිප ගත්තා!!!,
කැප්ටන් කියන්නේ කියන්නේ පිටතින් පේන විදියට දැඩි කෙනෙක්,
එයාගේ රටට, සෙබලුන්ට කොච්චර ආදරේ කරත් ඔය වගේ හැගීම්බර දේවල් එක්ක කැප්ටන් ගැටෙයි කියලා පාර්ක් කවදාවත් හිතුවේ නෑ.
ඒතත් තව පිරිමියෙක් එක්ක.

Jm-" ඔයා....... ඔයා කිව්වේ ඔයා කැප්ටන් කිම්ව සි..සිප ගත්තා... කියලද "

Jk-" ඔව්.... එහෙම කරා,
මගෙ හදවත එච්චර නොසන්සුන් ඇයි කියලා මට දැනගන්න තිබ්බ එකම විදිය ඒකයි ....... "

I met youWhere stories live. Discover now