" ඔයාලව සාදරෙන් පිලිගන්නවා අපේ කදවුරට , කවුද ඔයාලගේ කණ්ඩායමේ ප්‍රදාන වෛද්‍යවරයා..... "

එතන හිටපු එක සෙබලෙක් කට්ටියම දිහා බලලා ඇහුවා.

Jk-" මෙතන වෛද්‍යවරුන් දෙන්නෙක් ඉන්නවා. මං jeon.... එතකොට මේ අනිත් කෙනා mr.park. එයත් වෛද්‍යවරයෙක් ...... "

" බොහොම සතුටුයි , අපිට වෛද්‍යවරු දෙන්නෙක් එනවා කිව්වේ නෑ,
ඒත් පුදුමයක් මේ සැරේවත් එයාලා දෙන්නෙක් දීලා....."

එතන එක් සොල්දාදුවෙක් හිනාවෙලා කතා කරා.

" ඔය දෙන්නගෙන් එක්කෙන් මං එක්ක එන්න.... අනිත් අයට බඩුත් අරන් මේ අනිත් අය එක්ක යන්න පුලුවන් "

Jm-" mr.jeon ඔයා මෙයා එක්ක යන්න, මං බඩුත් අරන් අනිත් අය එක්ක යන්නම්, ගිහින් ඔයාගේ බඩුත් අස් කරන්නම්..... "

ඩොක්ටර් පාර්ක්, jeon දිහා බලලා කතා කරේ ගොඩක් හිතවත් විදියට. එයාලා අද සේවයට එන පලවෙනි දවස හින්දා අනිවාරෙන්ම අද මෙයාලා ගෙන විස්තර ඕනේ.

ඉතින් සෙබලු තුන්දෙනෙක් අනිත් කණ්ඩායමට කුඩාරමට යන පාර කියන අතර , එක්කෙනෙක් ඉහලට ගිහින් එයාලගේ විස්තර දෙන්න ඕනේ.

ඩොක්ටර් පාර්ක් ජන්කුක්ට යන්න අවස්තාව දීලා, එයා ජන්කුක්ගේ බඩුත් කූඩාරමෙන් අස් කරන්න පොරොන්දු උනා.

Jk-" හරි... බොහොම ස්තූතී.. "

ඩොක්ටර් පාර්ක් අනිත් පිරිස එක්ක එයාලට ලෑස්ති කරලා තිබ්බ කූඩාරමට ගියේ ආව සෙබලු තුන්දෙනා එක්කයි.

එතකොට jeon සෙබලෙක් එක්ක කදවුරේ විශේෂ කාමරේකට ගියා,එතනට ගියේ ආව පිරිසගේ විස්තර දැනුම් දෙන්නයි.

ඔව් ඒක ඔෆිස් කාමරයක්,
ඒක කවුරු හරි ඉහල නිලයක් දරණ කෙනෙක්ගේ ඔෆිස් කාමරයක්.....
Jeon වටපිට බල බල ඔෆිස් කාමරේ ඇතුලට ඇතුල් උනා.පිලිවලට අසුරලා තිබ්බ ලියකියවිලි , ආයුධ සහ තව පොඩි පොඩි භාණ්ඩ තිබ්බා. ඒත් ඒ කාමරේ ටිකක් අදුරුයි වගෙ.

Jeonගේ ඇස් හතරවටේම කැරකෙද්දී , එක පාරම එක තැනක එයාගෙ ඇස් නතර උනා. ඒ ඔෆිස් කාමරේ මේසේ ලග වාඩි වෙලා ඉන්න කඩවසම් නිලධාරියෙක් ලග.

I met youOpowieści tętniące życiem. Odkryj je teraz