20 🚩 - ( ' 3')

Start from the beginning
                                    

' මගේ කුකී වගේමයි..'
ඒ දිහා බලන් හිටපු මගේ ඇස් දෙක ටිකෙන් ටික බොඳ වෙලා යද්දි මට කුකීව මතක් වුණා...

මම ඒ පොඩි දෙන්නව අපි දෙන්නා වගේ මවා ගත්තා... අපිත් පොඩි කාලෙ ඔය වගේමයි.. පොඩි වෙනසකට තිබ්බෙ මම මේ ලොකු කොල්ලා වගේ බය වෙන්නෙ නෑ කිසිම වෙලාවක... ඉක්මනට ඊළඟට කරන්න ඕනි දේ ගැන හිතනවා..  අනික කුකී අඩද්දි මමත් නිකන්ම අඩන්න පටන් ගන්නවා.. ඒක හරියට නිකන් එයාගෙ වේදනාව මටත් ඒ විදියටම දැනෙනව වගේ..

අපි දෙන්නා අතර ඒ තරම් ලොකු බැඳීමක් තිබ්බා.. ඒත් දැන් !!
මට බය හිතුනා,,,, මගේ හැඟීම් නිසා අපි අතර තිබ්බ ඒ බැඳීමත් දැන් නැතිවෙලා ගිහින්ද කියලා...
ආයෙ අපිට කලින් වගේ වත් ඉන්න බැරි වෙයිද කියලා..

මගේ කම්මුල් දිගේ බේරිලා යන කදුළු බින්දු අත් දෙකෙන්ම පිහිදාන ගමන් park එකෙන් එළියට ආපු මම ආපහු මගේ බයිසිකලේට නැගලා දිගටම පැදගෙන ගියා...

මම වේගෙන් පැද්දා... මගේ හිතේ තිබ්බ දුක, තරහ, බය, වේදනාව හැමදේම නිදහස් කරල දාන්න වගේ පැඩල් එක හයියෙන් පාගන ගමන් මම හුලං කපාගෙන ඉස්සරහට ගියා.. මේ යන්නෙ කොහෙද කියන එක ගැන මට කිසිම දැනීමක් තිබ්බෙ නෑ... ඔලුව හැරුණු අතේ යනව වගේ තමා මම බයිසිකලේ පැද්දෙ....










මගේ කකුල් දෙක තවත් හොලවගන්න බැරි තරම් රිදෙනකොට, හුස්ම ගන්නත් අමාරුවෙන් හති අරිනකොට මම බයිසිකලේ නැවැත්තුවා... මගේ මුළු ඇගම දාඩියෙන් බත්වෙලා... ඒ නිසා කාටවත් මගේ දාඩියයි කදුළුයි වෙන් කරල හොයාගන්න බැරුව ඇති..

මම වටපිට බැලුවා... හරිම ආගන්තුකයි...
මම ඇවිත් තිබ්බෙ  හරිහැටි නොදන්න පැත්තකට.. ආපහු ගෙදර යන්න මම පාර දන්නෙ නෑ... අහසත් ටිකක් කලු කරල තිබබෙ ලොකු වැස්සකට අර අදින්න වගේ... හැමතැනම හරිම මූසල විදියකට මට පෙනුනා...

මගේ ගාව Phone එක තබ්බෙ නෑ... සල්ලි තිබ්බෙත් නෑ... ඇදන් ආපු ඇදුමයි මේ බයිසිකලෙයි විතරයි දැන් මට කියල ඉතුරු වුණේ...

' මම දැන් මොකද කරන්නෙ !?
කොහොමද මං ආපහු ගෙදර යන්නෙ......

මම ගෙදර නෑ කියල දැනගත්තම අප්පයි පපයි දෙන්නම බය වෙයි... එයාලට මාව හොයාගන්න පුළුවන් වෙයිද !

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now