19 🚩 - ( ' 3')

Start from the beginning
                                    

🐇 - " ඔයා දන්නවද !
මට වැඩියෙන්ම රිදෙන්නෙ මෙතන. "

එයා එයාගෙ පපුවට අත තියාගෙන කියෝනවා.

🐆 - " මොකද්ද ප්‍රශ්නෙ කුකී?! "

එහෙම්මම එයාගෙ එහා පැත්තෙන් ඇල වුණු මම එයා ඔය මට නොකිය කියන්න හදන දේ ගැන හොදටම දැනගෙනත් එයාගෙ ඇස් දෙක බලාගෙනම එහෙම ඇහුවා.. මොකද මට එයාගෙ කටින්ම ඒක අහන්න ඕනි...

🐇 - " ටෙටේ.. "😢

🐆 - " කියන්න කුකී...
ටෙටේ අහගෙන ඉන්නෙ. "

🐇 - " මට... මට බයයි... "😢😢

🐆 - " මොකටද ඔයා බය බබා... "

🐇 - " Beomgyu.....
Beomgyu, jimin hyung එක්ක යාලු වෙයි කියලා මට බයයි..."😢😢

🐆 - " ඇයි ඒකට ඔයා බය බබා...
ඒක නරක දෙයක් ද ! "

🐇 - " ඒත්.... ඒත් Jimin hyung..."

🐆 - " hyung ගැන මොකද්ද "

🐇 - " ටෙටේ... ටෙටේ මං....මං...."

එයා ගොඩක් නොසන්සුන් වෙලා... ඒ කදුළු පිරුණු බෝල ඇස් දෙක දිහා බැලුව ගමන් මට ඒක කියන්න පුළුවන්...
එයා වගේම තමා මමත්.... මගේ හදවතත් දැන් එකසිය ගානට ගැහෙනවා... මොකද එයා ඔච්චර අමාරුවෙන් කියන්න හදන දේ ගැන මම කලින් ඉදන්ම දන්නව... ඒක මට ගොඩක් වේදනාකාරී රහසක්.

🐆 - " කෝ මෙහෙට එන්න මගෙ කුකී... "

මම කුකීව ඇදලා අරන් මට තුරුල් කරගත්තා... එයත් මගේ ඇග උඩින් අතක් දාගෙන මගේ අත් අතරට ගුලි වුණා.

🐆 - " අපි දෙන්න අතර රහස් නෑ නේද කුකී බබා...
ඒත් මම දන්නව ඔයා දැන් දවස් ගානක් තිස්සේ ඉදන් මගෙන් මොනාහරි ලොකු දෙයක් හැංගුවා...

ඒත් ඔයාට අමතක වුණේ කොහොමද කුකී,,,,
ඔයාගෙ ටෙටේට ඔයා හැරෙද්දි කියන්න පුළුවන් ඔයා මොකද්ද කරන්න යන්නෙ කියලා.. "

මම එයාගෙ පිට අතගාන ගමන් ආදරෙන් කිව්වා.

🐇 - " ඔයා ගැන දන්නවද ! "

🐆 - " මට ඔයාගෙ කටින්ම ඒක අහගන්න ඕනි වුණා... "

🐇 - " ටෙටේ..."

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now