15 🚩 - ( ' 3')

Start bij het begin
                                    

ඕවා හිත හිතම මගේ Bed එකේ තිබ්බ extra pillow අරන් ඒක අත් දෙකටයි කකුල් දෙකයි මැදි වෙන්න හිර කරගත්ත මම එහෙම්මම ඇස් පියාගත්තෙ ටික වෙලාවක් හරි නිදාගන්න.










.
.











විනාඩි පහක්, දහයක්, පහළවක්, විස්සක්......... මම දන්නෙ නෑ කොයිතරම් මං ඇස් පියාගෙන හිටියද කියලා... ඒත් තාමත් මට නින්ද ගියේ නෑ...

මම ගොඩක් උත්සහ කලා නිදාගන්න... ඒත් මට බෑ... වෙනදට මං නිදාගද්දි මගේ ළඟින් හැමදාම තියන කුකීගෙ උණුහුම අද මං ගාවින් නෑ... ඒ වගේම මගෙ හිත අද නොසන්සුන්... මම මෙතන හිටියට මගේ හිත තිබ්බෙ එහා ඇදේ හිටපු කුකී ගාව...

බැරිම තැන හිමීට නැගිටලා ඇදෙන් ඉදගත්ත මම එහා ඇදේ හිටපු කුකී දිහා බැලුවා..
එයා එයාගෙ අතකුයි කකුලකුයි jimin hyung ගෙ ඇග උඩින් දාගෙන තද නින්දෙ..

' එයාට සැපට නිදි Taehyungaa.. ඔයාට විතරක් මොකද මේ ! '
මම මගෙන්ම ප්‍රශ්න කලා..

ආපහු ඇදෙන් ඇලවෙලා කොට්ටෙ තුරුල් කරගත්ත මම තව එක පාරක් නිදාගන්න try එකක් දුන්නෙ නැත්නම් හෙට දවස මට energetic විදියට ඉන්න බැරි වෙන නිසා... මොකද අදත් ගොඩක් මහන්සි දවසක්..














තව විනාඩි පහළවක් විතර යන්න ඇති.... ඒත් මම නැගිටලා.

' ආශ් මගුල නින්ද යන්නෙ නෑනේ...'
මම ආපහු ඇදෙන් නැගිටලා ඉදගත්තා..

ඒ වෙලාවෙ මගේ ඇහැ ගැටුනෙ room එකේ පැත්තක තිබ්බ balcony එක..

' පොඩි වෙලාවක් එළියට ගිහින් ඉදලා ආව නම් හරි.. '

එහෙම හිතලා හිමීට ඇදෙන් බැහැලා balcony එක ගාවට ආපු මම අර දෙන්නා ඇහැරෙන්නෙ නැති වෙන්න එතන තිබ්බ glass sliding door එකත් ඇරගෙන එළියට බැස්සා..

සීතල හුලං පාරක් ටිකක් සැරටම වැදීගෙන යනවා.. හරිම සමීපයි...
මම තව ටිකක් ඉස්සරහට ගිහින් balcony එකේ අත් වැටට බර වෙලා ඒ සීතල හුලඟ හිතේ හැටියට විඳගත්තෙ ඇස් දෙකත් පියාගෙන.. මට ලොකු සැහැල්ලුවක් දැනුණා... සනීපයක් දැනුණා... ගිනිගන්න හදවතක් හිමින් හිමින් නිවිල යනව වගේ හැඟීමක් ඒක...

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Waar verhalen tot leven komen. Ontdek het nu