14. ගෙදර සොයා යෑම

Start bij het begin
                                    

අනේ ජන්කුක් ව මට බලන්න යන්න ඕනෙ. ගෙදර ළගටම ගියොත් කොහොමද සැප.

පස්සෙ දවසක රෑට පැනලා ඕකාව දූෂණය කරන්නත් බැරියෑ පස්සෙ. සේරටම කලින් ගේ හොයාගෙන ඉන්න ඕනෙ.

"අපි පාර දිගෙ ඇවිදගෙන යමුද?"
ජිමිනා යෝජනා කලා. මුන්ට මට වඩා අමාරුව ජන්කුක් ගෙ ගෙදර හොයාගන්න.

ඒ එක්කම එතනට පාත් උනෙ චන්යොල්ගෙ අම්මා.

"ආ.... ඔක්සිකරණ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා දෙකෙන් බෙදලා ලෝහ ආලේපය.........."
ජින් පටන් ගත්තා පල් හෑල්ල කියන්නෙ.

මේ මොන අපබ්‍රංශයක්ද මූ කියන්නෙ?☹️.

"පුතාලට පාඩම් කරලා මහන්සි නැද්ද? ටිකක් වට පිටෙ ඇවිදින්න?"
චන්යොල් ගෙ අම්මා ඉෂ්ට දේවතාවිය වගෙ කිව්වා.

"මොන මහන්සිද ඇන්ටි.... අපි මේ......"
ජින් කට ඇරියා විතරයි මම කකුල දිග ඇරලා පුලුවන් තරම් හයියෙන් උගෙ අහවල් එකට ගැහුවා. නම්ජුන් ට දෙන්න එක්ක ඕනෙ නම් කඩෙන් ගන්නෙ නැතෑ😏.

"අපි ටිකක් එලියෙ ඇවිදලා එන්නම් අම්මෙ. පහල වෙලක් තියනවා. බලන්න යන්ද?"
චන්යොල් තැනෙ හැටියට ඇනෙ ගැහුවා.

කොහෙන් කොහොම හරි චන්යොල්ගෙ මොලෙට පිං සිද්ධ වෙන්න අපි ගෙදරින් එලියට පැන ගත්තා.

පාර දෙපැත්තෙම වෙලවල්. ලස්සන පැත්ත හැබැයි

"ඒක නෙවේ බං... ජන්කුක් ගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ?"
හොබියා වට පිට බලනවා.

ඒකත් ඇත්ත. ජන්කුක් ඉහල ගම පාරෙ කියලා දැන ගෙන හිටියාට උගෙ ඇඩ්රස් එකක් මතක නෑ.

"කොහෙන් හොයන්නද බං 😭"
ජිමින් කුරු කුරු ගානවා.

"බෙදිලා යං 😁"
මම යෝජනා කලා.

"බෙදිලා ගිහින්. හැම ගෙදරකටම ගිහින් ජන්කුක් ඉන්නවද අහන්නද?"
ජිමිනා වල කපනවා.

මුගෙ පුවක් පස්සා ව හොයන්න කිව්වොත් නම් පුවක් ගහකට බඩ ගාන්න හා කියන මේකා මේ පොඩි උදව්ව කරන්න බෑ කියන කැත!!

"නෑ බං.ජන්කුක්ට තියෙන්නෙ ග්‍රේස් එකක් නෙ. අංකෙ C** **** . ඔය වාහනෙ බල බල යමු"
මම යෝජනා කලා

High School Romance | TK ✓Waar verhalen tot leven komen. Ontdek het nu