වෙනදාක තිබෙනා රුදුරු මුව මත අද එකදු හැගීමක් නොමැත්තේය.....එය හුදෙක් හැගීමක් නොමැති සීතල මුහුණක් පමනක්ම වූවේය...වෙනදාක ගැඹුරු ආගාදයක් බදුවූ හරිත නෙතු අද හැගීමක් නොමැතිවම පියවී ගොසින්‍ ය...වෙනදාක රවා බලනා ඒ බැල්ම..අද ඒ මුවග නොමැතිය...වෙනදාක එ මුවගින් කොතෙකුත් නම් පිටවෙන "අසමජ්ජාතියා" වදන...අද තදින් පියවී ඇති දෙතොලතර සිරවී ගොස්‍ ය..වෙනදාක නින්දේදී ඒ මුවග මැවෙන ලා සිනහව අද මැවෙන්නේ නැත..

කොටින්ම කියතොත් දෙමසකට පෙර වෙන්වද්දී අවසන් වරට වැලදගත් මොහොතේ ඔහුගෙන් ලැබුනු අධික උණුසුම අද සීතලකින් වැසී ගොස් ය..

සයනය මත සැතපී සිටියේ කිසිදු හැගීමක් නොපෙන්වන දෙව්දාර් කෙනෙකි...
.
.
.
.
.
දස්කාල් ඈතින් සිටිමින්....දෙව්දාර් දෙසම බලාන සිටියේය..සමුද්‍ර ඔහුගෙන් සමාව යැද්දේය....ඔහුව රැකගැනීමට නොහැකි වීම පිළිබද කමාව යැද්දේය...අනතුරු ඔහු රුධිර තැවරුනු වස්ත්‍ර පිටින්ම මාලිගය වෙත පිටත් වුනේය....

සියල්ලට පසුව භාති උන්මත්තකයෙකු මෙන් දස්කාල් සොයා දිව ආවේය..නිසලව සිටින ඔහුගේ නොසන්ඩාලයා දැක..භාතිය උමතු නොවූවා පමනක්‍ ය...හේ සිටියේ තමා ගැනම උපන් ක්‍රෝධයෙන්ය....ඔවුන්ට තමා අවශ්‍ය මොහොතේ අසල නොසිටීම පිළිබදව භාති තමාහටම සාපකරගත්තේය....

නමුදු දස්කාල් තවමත් නිහඩවම දෙව්දාර් දෙසම බලා සිටියේය....සියල්ලන්ම දස්කාල්ව ඔහු අසල තනිකර පිටව ගිය පසු හේ ගැහෙන දෙපයින් දෙව්දාර් අසලට ඇවිද ගියේය...

හේ දෙව්දාර් සිටි සයනයේ කෙලවර ඇති ආසනයෙන් හිද ගත්තේය....

"නුරායූ......දිගටම ඔය ලෙසින් සැතපීමටද සිතාන ඉන්නේ ම්ම්....අවදි වෙන්නේ නැතිද මගේ නුරායූ....ඔබ මා හට චන්දෲ කියා අමතනවා නොවෙද....ඉදින් මා ඔබට නුරායූ කියා පවසන්නම්....ඔබ එයට ප්‍රියද මගේ පවුරූ....ම්හ්ම් ප්‍රිය නොවූවත් මා එලෙසින් අමතනවාමයි හුම්....නැගීසිටින්නකෝ පවුරූ...චන්දෲ හට පාලුයිනෙ ඉදින්...මා කා සමගද රන්ඩු වන්නේ හුම්...ඔබ කීවානේ ඔබ හැරෙන්නට අන් අය සමග රණ්ඩු සරුවල් නවතන ලෙසට...කෝ ඉදින්..දෙමසක්ම ඔබ නොමැතිව සිටියා...තවත් නම් නොහැකියිනෙ මා හට...දන්නෙහිද දේව් ඔබේ මුග්ධ සයුර ඔබ පැමිනි වග පවසන විට මා කෙතරම් නම් තුටු වූවාද කියා..නමුත් ඔබ දුස්ට පවුරූ ...නොකියාම පිටව ගොසින්....ඔබ නම් වෙනස් වන්නේම නැහැ....මා හට දුෂ්ට කම්මයි සිදු කරන්නේ...චන්දෘට වේදනයිනෙ එවිට හුම්....දුස්ට නුරායු මගේ"

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now