ඒ නාමයෙන් තමාව අමතනු දුටු දස්කාල් හට බොහෝ දෑ මතකයට නැගුනා වුව..මේ මොහොතේ ඒ කිසිවකට නියම වේලාව නොවීය...

"මා...ය..මක්...කිව..යු..තු..යි..."

දෙව්දාර් නැවතත් වදන් ගැටගසනා විට දස්කාල් කදුලු පිරි දෙනෙතින්ම දෙව්දාර්ගේ වම් කම්මුල වෙත දෑත තබා මෘදුව අතගෑවේය...

"මා..සිටිනවානෙ..පිටවයන්නෑ ම්ම්...ඔබ සුවවූ පසු කියනා ඕනෑම දෙයක් අසා ඉන්නම්...ප්‍රතමව සුව වී සිටිමු දේව්...දමා යන්නෑ කෙදිනකවත් නැවත..."

"එ..සේ..නම්...පැ..මිණෙන..තුරු..සි.ටින..වා"

එයත් සමග දෙව්දාර්ගේ මුවග වේදනාත්මක සිනහවක් නැගුනි...අනතුරුව හේ දස්කාල්ගේ දෑතටම කඩාගෙන වැටුනේ සියල්ලන්ගේම කෑගැසීම් මධ්‍යයේය...

මේ සියල්ල බලා සිටි කාලන්ද එයින් තිගැස්සී ගියේය...

දෙව්දාර්ව විගසින් ඔසවා ගත් සමුද්‍ර සිය වේදනාවද අමතක කර දමමින් වෙද මැදුර වෙත දිව ගියේය.....

සිදුවූයේ අන් දෙයකි...මාලිගය දෙසින් කෑකෝගැසීම් රැසක් ඇසුනු අතර කාලන්ද එදෙසට දිව ගියේ සිය ආරක්ෂකයන්ද සමගිනි....ප්‍රධාන අමාත්‍ය දගගෙයින් පැන ගොස් තිබිනි.....එය සූර්ය රාජ්‍යයේ ආරක්ෂක විදිවිධානයන්ගේ දුර්වලතාවයද?....නොවෙයි....කාරණය වූයේ රාජ්‍යයේ සෙබලුන් අතරද අසුර සෙන්පතිගේ අසුරයන් සිටීමයි...

කෝපගත් කාලන් සමුද්‍රහට ඔහු අල්වා ගැනීමට අණ කලද සමුද්‍ර හට ප්‍රධාන අමාත්‍යට වැඩියෙන් දෙව්දාර්ගේ ප්‍රාණය වැදගත් වුනි....

කුමරුන්ගේ අණ නොතැකූ හේ දෙව්දාර්ද රැගෙන වෙද මැදුර වෙත දිව ගියේ ඒ අවසරයෙන් ප්‍රධාන අමාත්‍ය මාලිගයෙන් පැන යන විටය....මෙයින් සිදුවූයේ කාලන්ගේ කෝපය වෛරයක් බවට හැරීමයි....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පුරා හෝරාවක්ම දෙව්දාර් නිහඩය....දස්කාල් එකදු ක්‍රියාවක් නොමැතිව සේද ඇතිරිලි යෙදූ සුමුදු යහනේ සැතපී සිටින දෙව්දාර් දෙස එක එල්ලේ බලා සිටියේය.....එකම එක සෙලවීමක්...දස්කාල්හට දෙව්දාර්ගේ එක් සෙලවීමක් හෝ දැකීමට අවශ්‍ය විය...

තමා අනෙක් පස බලනා මොහොතක දෙව්දාර්ගේ එක ක්‍රියාවක් මගහැරේවිදෝ යන බිය හේතුවෙන් හේ මුලු වේලාව පුරාම ඔහු දෙසම නෙත් දල්වාන බලා සිටියේය....

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now