Part 17

295 79 0
                                    

💜 ඔයාට මොකද උනේ......

ජෙරම් ඇලෙක්සාගෙ පිහාටු අස්සෙන් අත දාලා ගොඩක් අමාරුවෙන් හිටිය එයාව උරහිසට හේත්තු කර ගත්තා...ඔව්..ඇලෙක්සා හිටියේ අර්ද මකර රූපෙන්....එයාගෙ ඇගම දාඩියෙන් තෙත් වෙලා තිබ්බෙ...එයා ගොඩක් මහන්සි පාටයි...ඇගේ සමහර තැන් වල නියපොතු පාරවල්.....ඇලෙක්සා ජෙරම්ට වාරු වෙලා අමාරුවෙන් මම ගාවට ආවා...මම එයාගේ අත් දෙකෙන් අල්ල ගත්තෙ එයා ගොඩක් අමාරුවෙන් හිටිය නිසයි....

🌼 ඇලෙක්සා....මො...මොකක්ද උනේ...

🏵️ ඇ..ඇන්ජි....පරිස්සම් වෙන්න...උන් ඔයා ඉන්න තැන දන්නවා .... ඒ නරුමයන්ට අහු වෙන්න එපා....

💜 ඇලෙක්සා මුලින්.....

මම අත දික් කරලා ජෙරම්ට නිශ්ශබ්ද වෙන්න කියලා ඇගෙව්වා...😁 මට දැන් රැජිනකගේ ෆීලින් එකක්...🙂 ගැම්මක් නේත....

🌼 ලියා...මා එක්ක එන්න....මෙයාට අමාරුයි...ඇලෙක්සා වොශ් එකක් දාන් මොනාහරි කාලා උන දේ මුල ඉදන් කියන්න.....

මායි ලියායි ඇලෙක්සාව උඩ තට්ටුවේ වොශ් රූම් එකට එක්කන් ගිහින් එයා එනකල් කන්න දෙයක් හැදුවා....ඇලෙක්සා නාගෙන ආවම තුවාල වලට බේත් දාලා කන්නත් දීලා තමා කතාව පටන් ගත්තෙ........

🌼 මුල ඉදන් කියන්න...කිසි හදිස්සියක් නෑ...ඕකේයි...

🏵️ ඇන්ජි...වෙලාව නෑ....

ඇලෙක්සා මගේ අත් වලින් තදින් අල්ල ගත්තා...

💜 ඉට්ස් ඕකෙ...කෙටියෙන් කියන්න..ම්ම්...

ජෙරම් ඇලෙක්සාගේ මූනට එබිලා කිව්වා....

මම ග්‍රාන්ට්ට හේතුවක් දා ගත්තා...🤐 තාම නයිටිය පිටින් නිසා පට්ට සීතයි...මේ කරදර අස්සෙ ඇදුම් මාරු කරන්න මතක් වෙනව යැ....

🏵️ අද කලු මකරු ආය අපිව හොයන් ආවා...උන් ආවේ පහර දෙන්න නෙවෙයි......ඩ්‍රෙකෝ ඒ අමනයා ආවා...ඇවිත් කිව්වා කොච්චර හංගන්න හැදුවත් අජන්ටිනා ඉන්න තැන හොයා ගත්තා කියලා....මේරි රැජිනයි ජේක් රජුයි එයාල ඔයා ගාවට එන එක වලක්වන්න උත්සහ කරා...එයාලා තවම සටනේ....ඒ අස්සේ මම ඔයාලා හොයන් ආවා...උන් මට පහර දෙන්න ආවත් මම අමාරුවෙන් මම ඇරියා.....ඇන්ජි....උන් තව ටිකකින් එයි....

Dragon Heart✔️✔️Where stories live. Discover now