Dragon Hart

1K 118 14
                                    

මේක මකර රාජදානි තුනක් අතර කතාවක්...මකර රාජදානි තුනයි ඒ තමා......

Yellow Dragon(Lestor)

ලෙස්ටෝර්....නැත්තම් කහ මකරු..මෙයාලා ගිනි මකරු....රතු කහ පාට දෙකෙන්ම ඉන්නවා...ගොඩක් ශක්තිමත්...දක්ශ.....බුද්දිමත් මකර කාන්ඩයක්....මෙයාලාට මිනිස් වෙන් ගන්න පුලුවන්....මකර වෙස් ගන්න විතරක් නෙමේ අර්ද මකර වෙස් ගන්නත් පුලුවන්...මකර ලෝකේ ගොඩක්ම ශක්තිමත් අය තමා ලෙස්ටෝර්ලා...එයාලගේ මකර රාජදානිය තිබ්බේ අහසේ තියන උණුසුම්ම තැන...එතන ගොඩාක් ලස්සනයි ලෙස්ටෝර්ලාගේ රාජදානියේ තමා වැඩියෙන්ම වර්න තියෙන්නේ...කහ,රතු,කොල වගේ පාට පාට ගස්,මල් එහේ තියනවා..ලේස්ටෝර්ලගේ රාජදානියට කිව්වේ සන්ශේන් කියලා...එහාට යන්න පුලුවන් ගිනි මකරුන්ට විතරයි....මකර වංශ තුනේ ප්‍රබලයෝ....මකර වංශ තුන යුද්ද කරලා වෙන් වෙන්න කලින් මුලු මකර ලෝකේම රජ කලේ කහ මකරු.

.

White Dragon(sororis)

අයිස් මකරුන්ගේ වංශය සොරෝරීස්....මෙයාලා ගොඩක් වෙලාවට සුදු,නිල්,ලා නිල් මෙයාලා අයිස් වගෙම ජලයත් හසුරනවා..මිනිස්,මකර,අර්ද මකර කියන රූප තුනම ගන්න මෙයාලට පුලුවන්.....සුදු මකරු ගොඩක් ලස්සනයි..විශේශෙන්ම මෙයාලගේ ගෑනු අය...එයාලා ගොඩාක් ලස්සනයි ....එයාලා මනුස්ස රූපෙට හැරුනම එයාලගේ හම හරිම සුදු මැලියි කොන්ඩේ පවා සුදුයි....සොරෝරීසලා ජීවත් උනේ හිම තියන තැන්වල .....ආක්ටික්,ඇන්ටාක්ටික් වගේ එයාලගේ පාටත් එක්ක හිම වල පාට ගැලපෙන නිසා එයාලට කාගෙන්වත් කරදරයක් නැතුව එහේ ඉන්න පුලුවන් උනා...මකර වංශ බෙදෙන්න කලින් බොහෝ වෙලාවට රාජදානියෙම රැජින උනෙ සුදු මකරියෝ...එයාලාට එයාලටම ආවේණික සටන් කලාවකුත් තිබ්බා...සුදු මකරු තමා මකර ලෝකේ වේගවත්ම අය....


Black Dragon(Bleckso)

බ්ලෙක්සෝලා තමා මකර වංශ වලින් නරකම අය...එයාලා කලුම කලු පාටයි..එයාලගේ බලය ගොඩක් වෙලාවට අදුරු දුමක් ඒ දුම වැඩිය ආග්‍රහනය කරොත් ඕන කෙනෙක් ගල් රූපයක් වෙනවා...මිනිස්,මකර,අර්ද මකර රුප ගන්න පුලුවන්...ඊට අමතරව මෙයාලට පුලුවන් ඕන තරම් තමන්ගේ ශරීරය විශාල කර ගන්න...කලු මකරු ගොඩක් නරක කට්ටියක්....සුදු සහ කහ මකරු වංශ තුනම පාලනය කරද්දී කලු මකරුන්ගෙන් කෙනෙක් රජ උනේ කලාතුරකින්...කලු මකරුන්ට රජකම දුන්නොත් විනාශයක් වෙනවා කියලා කහ,සුදු මකරු දැනන් හිටියා...මොකද
එයාලා හිතන පතන විදිහ හරි ආත්මාර්තකාමියි.කරන වැඩක් නරකයි ......එයාලගේ රාජදානිය තිබ්බේ අදුරු වනාන්තර වල....

Dragon Hart

මේ මකරුන්ගේ හදවත ගොඩක් බලවත් ....ඒක එයාලගේ පපුවේ තිබ්බ මැනිකක්.....එක එක මකරුන්ගේ හදවතේ පාට එයාලය ආවේණිකයි......මකර රාජදානි තුනෙන් බලවත්ම හදවත් තිබ්බේ කහ මකරුන්ට...ලස්සන සහ පිවිතුරුම හදවත් සුදු මකරුන්ට....දුශ්ට සහ අදුරුම හදවත් කලු මකරුන්ට...මේ තුන් වර්ගයේම හදවත් එකතු උනාම හිතාගන්න බැරි බලයක් ලැබෙනවා...කලු මකරුන්ට ඕන උනේ ඒ වගෙ බලවත් හදවතක් තියන කලු මකර රජෙක්

Black Dragon Prince & Princess

වංශ බෙදිලා ටික කාලෙකින් කලු මකර රජතුමා කහ මකරියක් එක්ක විවාහ උනා...ඒක මකරිගේ අකමැත්තෙන් නෙමේ උනේ...ඒ කහ මකරී ගොඩක් බලවත් කෙනෙක් ඒ කාලේ රජ කරපු රජතුමාගේ බාල දුව....කලු මකර රජාත් හරි ලස්සනයිනේ....දීර්ඝ කාලින සැලැස්මකින් පස්සේ කලු මකර රජා සෙක්වින් කහ මකර කුමරිය ලොවීනා එක්ක සම්බන්දයක් පටන් ගන්නවා...ඊට පස්සේ දෙන්නා කලු මකර රාජ්‍යට පැනලා එනවා...ඒ දෙන්නට දරුවෝ දෙන්නෙක් ඉන්නවා..එයාලාගෙ පුතා ඩ්‍රේකෝ ට තියෙන්නේ කලු කහ මිශ්‍ර හදවතක් දුව ඩේලිටත් එහෙමයි...ඒ දෙන්නට සුදු මකරියෙක් හරි මකරෙක් හරි විවාහ කරලා දුන්නොත් ඒ දෙන්නගෙන් ඉපදෙන්නේ වංශ තුනටම අයිති කෙනෙක් .......ඒකටත් ඕන උනේ රාජකීය වංශේ කෙනෙක්..ඉතින් එයාලා සුදු මකර කුමාරිව හැමතැනම හෙව්වා......එයාලා ඒකට මනුස්ස ලෝකෙට ආවා

Yellow Dragon Prince

වංශ පලහිලව්වෙන් පස්සේ කහ මකරුන්ගෙ රජු ජීවත් උනේ මිනිස්සු අතර...එයා මකර රාජ්‍ය ගැනත් බැලුවා...කහ මකර රජු ලියොන් සහ රැජින එලීනා දෙන්නම කහ මකරුන්ගේ පිරිසිදු ලේ තියන අය එයාලගේ හදවත රත්‍රං වගේ කහ පාටයි.....දීප්තිමත්.....ඒ නිසා එයාලාගේ පුතාට තිබුනේ ගොඩක් බලවත් හදවතක්...ග්‍රාන්ට්..එයා ගොඩක් කඩවසම්......එයා තමන් මකරෙක් කියලා දන්නවා

White Dragon Princess

සුදු මකරුත් හිටියේ මිනිස් ලෝකේ...පවිත්‍ර සුදු මකර ලේ තිබ්බ රජ යුවල ජේක්ට සහ මේරිට ගොඩක් හිටියේ ගොඩක් විශෙශ දරුවෙක්...හිම පලිගුවක් වගේ හදවතක් තිබ්බ අජන්ටිනා(ඇන්ජි)ට ශාක පාලනය කරන්න පුලුවන් හැකියාවක් තිබ්බා..ඒත් ඇන්ජි එයා කවුද කියලා දැනන් හිටියේ නෑ..ඇන්ජි ගොඩක් ලස්සන කෙල්ලෙක්...හරිම සුදුයි හිම බෝලයක් වගේ.......එයා හරි වසයි...😁😁ඇන්ජිට එයාගේ තාත්තා සුදු මකරුන්ගේ සටන් උගන්නලා තිබ්බාත් එයා මකරියෙක් කියලා කියලා තිබ්බේ නෑ............

















































🤗 කතාව හොදයි කියලා හිතෙනවා නම් vote එකක් comment එකක් දාන් යන්න...🤗

Dragon Heart✔️✔️Onde histórias criam vida. Descubra agora