අපිට තව දරුවො නැතත් , දවසක නම්ජුනාට වයිෆ් කෙනෙක් ගෙනාවම මට පාලු දැනෙන එකක් නෑ කියලා හිතුවා...
එයාගෙ දරුවො ඉන්නකොට පාලුවක් දැනෙන එකක් නෑ කියලා හිතුවා..
ඒත් දැන් ඔන්න බලන්නකො හීනෙන් වත් නොහිතපු විදිහට මගෙ දගයගෙ හිත නතරවුනේ එයා වගේම හොද ලස්සන කොල්ලෙක් ලගනෙ.. ආ....

මමා... මට සමාවෙන්න... ඔයාලගෙ හැම හීනයක්ම මම නිසා බිදිලා ගියා නේද

ම්හ්හ්හ්.... ඇත්තටම ජිනා....
අපිට මේක මුලින් පිලිගන්න බැරිවුනත් ටිකක් කල්පනා කරලා බැලුවම මගෙ දරුවගෙ සතුටට වඩා අපිට වෙන දෙයක් වටින්නෑ..අපි මොන බලාපොරොත්තු ගොඩක් තියන් හිටියත් ඒ හැමදේම දරුවන්ගෙ සතුට ඉදිරියේ යටයි..

ඔයා මෙහෙම හිතන්නකෝ , මේ වගේ දෙයක් නොවී ජුනා අපෙන් ඉල්ලුවා නම් එයාට පල්ලියට ගිහින් ෆාදර් කෙනෙක් වෙන්න ඕනෙ කියලා..
නැත්නම් කොරියාවෙ පන්සලකට ගිහින් මහන වෙන්න ඕනෙ කියලා..
සමහරවිට අපි ඒකටත් ඉඩ දේවි.. මොකද එයාගෙ සතුට තරම් වෙන කිසි දෙයක් අපිට වැදගත්නෑ...
ඒ නිසා මෙතන ඔයාගෙ කිසි වරදක් නෑ ජිනා... එහෙම නේද ඩැඩී..

ඇය කතා කරන්නෙ දොර අසල බලා සිටින නම්ජුන්ගෙ ඩැඩ් දෙස බලමින්..

ඉතින් දැන් කිසිම ප්‍රශ්නයක් නෑ..
අද ඉදන් මට පුතාලා දෙන්නෙක් ඉන්නවා..
ඔයාලා ආයෙත් කවදාවත් දුකින් ඉන්න එපා... හැමදාම සතුටින් ඉන්න ඕනෙ..

ඒ වගේම නම්ජුනා...
ඔයාගෙ ෆයිනල්ස් ඉවරවුනාම මගෙ බිස්නස් සේරම බාරගන්න ලෑස්තිවෙන්න..
ඔය දෙන්නට හැමදේම දීලා අපි දෙන්නා ආයෙමත් කොරියාවට යනවා , දැන් බිස්නස්වල එල්ලිලා හිටියා ඇති අවුරුදු විසිපහක් විතර..
අපි දෙන්නත් ටිකක් නිදහසේ කාලෙ ගෙවන්න ඕනනේ...

නම්ජුන්ගෙ ඩැඩ් කිව්වෙ ඔවුන් අසලට එම්න්..

මමා... ඩැඩා... තැන්ක්‍යු සෝ මච්..
ඔයාලා හැමදාම මං ඉල්ලපු හැමදේම මට දුන්නා..මට කවදාවත් දුකක් දුන්නෑ. ඒත් මේ වතාවෙ නම් ඔයාලා දුන්නෙ මේ ලෝකෙ මට වටිනම දේ මමා තැන්ක්‍යු..

අපේ සතුට කියන්නෙ ඔයාලගෙ සතුටනේ පුතා.. අපි දැන් යනවා.. ඔයාලත් ගෙදර යන්න. මෙහෙ හැමදේම සෙට්ල් කරන්න ස්ටාෆ් එක ඉන්නවනෙ..
ගිහින් රෙස්ට් කරන්න..
ඉස්සරහට කරන දේවල් ප්ලෑන් කරගන්න.. ඒවගේම ෆයිනල්ස් වලින් පස්සෙ අපි යන්න කලින් ඔයාලව මැරිකරවන්නයි ඉන්නෙ අපි.
ලෑස්තිවෙලා ඉන්න හොදේ...

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now