15

832 168 59
                                    


හැකි ඉක්මනින් ජිමින්ව රෝහලට කැඳවූ නම්ජුන් ඔහුව ජන්කුක් ඒ අසල නවතමින් ආපිට පැමිණියේ පොලිස් ස්තානය වෙත ගොස් ජින්ද කැදවාගනිමින් .

ඒ වනවිටත් සියල්ල අසාර්ථක වූ බව දැන ගෙන පැන යාමට උත්සහ කල ජේසන් ක්‍රිස්ටෝපර් ද පොලිස් බාරයට ගෙන තිබුනා..

ඔවුන් නිවසට එනවිටත් හෝසොක් යුන්ගි සහ ටේහ්‍යුන්ග් නිවසේ විසිත්ත කාමරයට වී ඔවුන්ගේම ලෝකවල කල්පනාවෙ ගිලිලා හිටියා..

ටේහ්‍යොනා .... ඔයාට ප්‍රශ්නයක් නෑ නේද...

ජින් ඇහුවෙ කලබලෙන් ටේහ්‍යුන්ග් අසලට ලංවෙලා.. නමුත් ටේහ්‍යුන්ග්ට නම් ඕන වුනේ කුකී ගැන දැනගන්න...

හ්‍යුන්ග්... හ්‍යුන්ග් ...කුකී... එයා...එයාට කොහොමද , එයාට මොකද වුනේ.. ඇයි කුකී ආවෙ නැත්තෙ..

ටේහ්‍යුන්ග් කලබලයෙන් ඇහුවෙ ඔහු කුකීව දකිනතුරු නොඉවසිල්ලකින් හිටියත් ඔවුන් සමග ජන්කුක් ආපසු නොපැමිණි නිසා...

කුකීට කිසිම ප්‍රශ්නයක් නෑ ටේ... එයා ටිකක් ෆේන්ට් වෙලා විතරයි ..අදට හොස්පිට්ල් ඉදලා හෙට ආයෙ ඒවි..සිහිය එන්න පරක්කු වුනු නිසා අදට එහෙ තියාගත්තා...

හ්ම්ම්..
ඒත් මේ මොනවද වෙන්නෙ හ්‍යුන්ග් .... ශැනන් පොලීසියට අරන් යන්නයි කුකී අසනීප වෙන්නයි..මේවා කොහොමද වෙන්නෙ...

හහ්..ශැනන්?? ....
නෑ ටේහ්‍යුන්ග්...එයා ශැනන් නෙවේ... ඔලීවියා ... ඔලීවියා ක්‍රිස්ටෝපර්

ක්‍රිස්.. කිස්.ටෝ..පර්.....???

ම්ම්... ඔයාට මතක් වුනා නේද....
අපේ ඔම්මගෙ ආදරනීය දෝනි තමයි ඒ... ජේසන් ක්‍රිස්ටෝපර් ගෙ එකම දුව....
ඔලීවියා තමයි දවස් දෙකක්ම ඔයාගෙ බීම වලට වස දාලා දෙන්න හැදුවෙ...

වස...???

ඔව් ... එදා ආපු දවසෙ ඔයාගෙ තේ එකට මොනවහරි දානවා ජන්කුක් දැකලා තිබුනා..
ඉතින් එයා ඒ තේ කෝප්පෙ අරන් ඇවිත් අපිට දුන්නම අපි ඒක ලැබ් එකකින් ටෙස්ට් කරා
අද අපි ගියේ ඒ ටෙස්ට් රිපෝට් ගන්න..... ඒත් අපි හිතුවෙ නෑ එයා අදම ආයෙම ඒවි කියලා...

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now