2

1.1K 204 34
                                    


හ්‍යුන්ග්, වෙලාවටම ඇවිත්

නැතුව බෑනෙ.. සෝල් වල පුරුද්ද නිසා සිඩ්නි වලත් රස්තියදුවේ යන්න පුරුදු වුනොත් එහෙම , මං වත් දන්නෑ මේ පාරවල් හරියට.. කොහෙහරි ගිහින් අතරමං වුනොත් කොහෙ හොයන්නද මං තනියෙන්..

හෝ.. හෝ.. ඇති ඇති. අපි යන් . හ්‍යුන්ග් ඇයි ඇත්තටම කලින්.. ඔයාට හවස් වෙනකල් ලෙක්චර්ස් නේ

ඒකට යන්නම ඕන නෑ ... මෙහෙම හැමදාම හොටෙල් වල ඉන්න බෑ ටේහ්‍යොනා , අපි බෝඩිං හවුස් එකක් හොයාගන්න ඕනෙ.
මාත් අද උදේ ලෙක්චර්ස් ඉවරවෙලා පොඩි ජොබ් එකක් බැලුවා.හොටෙල් එකක.. හැමදේම මැනේජ් කරගන්න ඕනෙ ටික කාලයක් යනකල්

ඇයි හ්‍යොන්ග් , අපිට සල්ලි නැද්ද දැන්.... ඔයා මට කිසිම දෙයක් කියන්නෑ හ්‍යුන්ග් , ඇයි ඒ.. හැමදේටම ඔයා විතරක් ස්ට්‍රෙස් වෙන්නෙ ඇයි..මටත් කියන්න , මේ දේවල් දැන් මටත් තේරෙනවා

සල්ලි නැතුව නෙවේ ටේ..ඔයා දන්නවා අපිට දැනට සල්ලි වලින් අඩුවක් නෑ කියලා..ඒත් ඒ දේවල් මං ඉතුරු කලා ටික කාලයක් යනකල් සෝල් වල දේවල් වලින් අපි ඈත් වෙන්න ඕනෙ, අඩු තරමට තව අවුරුද්දක් දෙකක් වත් ....

ඉතින් ,මාත් ජොබ් එකක් කරන්නම්ද.. .

නෑ... නෑ.. දැනට ඕන්නෑ, ඔයාගෙ වැඩේ කරන්නකො ඔයා.මං දැනට මේවා බලාගන්නම්

හ්‍යොන්ග් , ඔයා පරිස්සමෙන් හරිද...ඔයා කියන්නෙ නැතිවුනත් මං නොදන්න ගොඩක් ප්‍රශ්න නිසයි අපි මෙහෙ ආවෙ කියලා මං දන්නවා හ්‍යුන්ග් ... මොන දේ නැතිවුනත් කමක්නැ... ඔයා විතරයිනෙ මට ඉන්නෙ හ්‍යුන්ග් ... ඒ නිසා පරිස්සමෙන්

***************

මේ අතරෙ ගෙදර ගිහින් හිටපු ජන්කුක් තාමත් ඉන්නෙ හීනෙක අතරමං වෙලා වගේ. ගතවෙලා ගියපු දවසෙ කරපු කියපු හැම දේකින්ම ජන්කුක්ගෙ මතකයේ රැදිලා තිබ්බ එකම දේ *කිම් ටේහ්‍යුන්ග්* විතරමයි.
අලුපාට හුරු රිදීපාට කොන්ඩෙයි ඒ දිලිසෙන ඇස් දෙකයි ජන්කුක්ගෙ ඇස් ඉස්සරහ හොල්මන් කරන්න පටන් අරන්..

යා.. ජන්කුකා.. මොකද කරන්නෙ ... ඔය... ඔන්න ඔන්න බලාගෙන..

හෝසොක් ඇවිත් ලිපේ තිබුනු බාජනේ අයින් නොකරන්න ජන්කුක් හැදුවෙ ඒ උනු බාජනේ අතින් අල්ලලා ගන්න .

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now