28

695 132 27
                                    


ජින් සහ නම්ජුන් හිටපු විවේක කාමරයට එබුනු හෝසොක් සහ යුන්ගිත් එතැනින් පිටවෙලා ගියේ ඔවුන්ගේ නිදහස ඔවුන්ට දීලා..
මේ සැනසීම ඔවුන් ලබන්නේ බොහෝ වේදනාවන් දරාගත්තායින් පසුව.. එබැවින් ඒ මොහොත ඔවුනට උපරිමයෙන් විදීමට දිය යුතු බවයි ඔවුන්ගේ අදහස වුනේ...

සියල්ල පිටව ගිය පසු අවසානයේ එහි රැදී උන් නම්ජුන්ගෙ මව කාමරයට ඇතුලු වුනේ උගුර පාදමින්..
ඒ හඩට ගැස්සුනු ජින් නම්ජුන්ගෙ තුරුලෙන් මෑත්වුනා..
නම්ජුන්ට එක මොහොතකට තරමක ලැජ්ජාවක් ඇතිවුනේ...
ඔහු කිසි දිනක කිසිවකු සමග මීට පෙර සබදතා පැවැත්වූ අයෙක් නොවෙයි...
ඒ නිසාම තම දෙමව්පියන් ඉදිරියේ මෙලෙස සිටීම නම්ජුන්ට නුහුරු දෙයක් වුනා..
ඔහුගෙ මුහුන ස්ට්‍රෝබෙරි ගෙඩියක් මෙන් රතුවෙලා , මුහුන බිමට බරවෙලා තිබුනා..

ජුනා... පුතේ... ජින්.. දෙන්නම එන්නකෝ..

ඇය දෙදෙනාටම තමා අසලට කතා කලා..ඇයගේ වචනයක පවා ඔවුන් වෙනුවෙන් දැඩි කරුණාව ආදරයක් ගැබ්වෙලා ඇති වව ඔවුනට දැනුනා..
ඇයගේ ඉල්ලීමට ඇය වෙත ලංවුනු ඔවුන්ව ඇය ආදරයෙන් වැලදගත්තා...

මද වේලාවක් ඒ ලෙස සිටි ඇය ඔවුන් දෙදෙනා දෙපසට කරගෙනම ඒ සෝෆා එකෙන්ම වාඩිවෙලා හඩ අවදි කලා.

මට මෙච්චර කාලෙකට නම්ජුනා විතරයි හිටියෙ..නම්ජුන්ට අවුරුදු දෙකතුනක් වෙනකොට අපිට තව දරුවෙක් ඕන වුනත් මට ඒකට පුලුවන්කමක් නෑ කියලයි ඩොක්ටර් කිව්වෙ..
ඒත් මං හැමදාම තව දරුවෙක් හිටියා නම් කියලා ප්‍රාර්ථනා කලා..
මං ඒ ගැන කාටවත් නොපෙනී ඕන තරම් අඩලා ඇති. දරුවො කියනෙ කොයිතරම් සම්පතක්ද කියලා දැනෙන්නෙ දරුවෙක් නැති කෙනෙක්ට..

ඒත් අන්තිමට මං හිත හදාගත්තා.. නම්ජුනා දිහා බලලා මං සතුටු වුනා. අපේ ජීවිත කොච්චර බිසී උනත් මමයි ජූන්ගෙ ඩැඩායි කවදාවත් එයාව අතෑරලා තනිකරලා දැම්මෙ නෑ.
මෙච්චර කාලයක් හැමදේම කලේ එයා වෙනුවෙන්න්.

ඇය මදකට කතාව නවත්තලා ඔවුන් දෙදෙනාගෙම හිස සිපගත්තා..
වසර ගණනාවකින් මවකගේ උනුසුමක් ලැබුනු ජින් ඇය වෙත තුරුලු වෙලා හිටියෙ පොඩි දරුවෙක් වගේ..
ඒ ආදරය ඔහුගේඇස් වල කදුලු නංවන්න සමත්වුනා.

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now